spot_img
spot_imgspot_img

මැතිවරණයට පෙර බංගලාදේශය පුරා හමුදාව යොදවයි

පුවත්

විදෙස්

ඉරිදා පැවැත්වීමට නියමිත බංගලාදේශ මැතිවරණය හේතුවෙන් ප්‍රචණ්ඩත්වය ඇති වේයැයි බියෙන් රට පුරා හමුදා භට පිරිස් යොදවා ඇතැයි වාර්තා වේ.

සාමය සහ ආරක්ෂාව පවත්වා ගැනීම සඳහා ඩකා අගනුවර පිහිටුවා ඇති තාවකාලික කඳවුරු වෙත සොල්දාදුවන් සන්නද්ධ රථවලින් ගමන් කළහ.

බංගලාදේශයේ ප්‍රධාන විපක්ෂය වන බංගලාදේශ ජාතිකවාදී පක්ෂය මැතිවරණය වර්ජනය කර තිබේ. අගමැතිනි ෂීක් හසීනා ඉල්ලා අස්වී මැතිවරණය පැවැත්වීම සඳහා මධ්‍යස්ථ අධිකාරියකට බලය පැවරිය යුතු බවට කරන ලද ඉල්ලීම්වලට එකඟ වීම රජය ප්‍රතික්ෂේප කිරීම හේතුවෙන් විපක්ෂය මෙම තීරණය ගෙන ඇත.

ඡන්ද පොළ නිලධාරීන්ගේ ඉල්ලීම මත පමණක් භට පිරිස් ක්‍රියා කරන බව හමුදාව නිවේදනයක් නිකුත් කරමින් කියා සිටී. මුහුදුබඩ දිස්ත්‍රික්ක දෙකක නාවික හමුදාව යොදවා ඇති අතර, කඳුකර ප්‍රදේශවල පිහිටි ඡන්ද මධ්‍යස්ථාන සඳහා ගුවන් හමුදාව හෙලිකොප්ටර් යානා සහය ලබා දෙන බව ද එහි වැඩිදුරටත් සඳහන් වේ.

පසුගිය මාස දෙක තුළ බංග්ලාදේශය පුරා පැතිර ගිය ප්‍රචණ්ඩත්වය මැතිවරණයෙන් පසු නැවත පැමිණිය හැකි යැයි ජනතාව බිය වෙති.

2009 දී බලයට පත් වූ දා සිට දැඩි පාලනයක් පවත්වා ගෙන ගිය හසීනා, අත්තනෝමතිකත්වය, මානව හිමිකම් උල්ලංඝනය කිරීම්, භාෂණයේ නිදහස මර්දනය කිරීම සහ ඇගේ විවේචකයින් සිරගත කරන අතරම විසම්මුතිය යටපත් කිරීම යන චෝදනාවලට ලක්ව ඇත.

ඇගේ ප්‍රධාන ප්‍රතිවාදියා සහ දෙවරක් අගමැති වූ බීඑන්පී නායිකා ඛලීඩා සියා, දූෂණ චෝදනා මත නිවාස අඩස්සියේ සිටී. ඇයගේ පුත්‍රයා සහ BNP හි වැඩබලන සභාපති, චෝදනා කිහිපයක් හේතුවෙන් පිටුවහල්ව සිටියි.

නිදහස් හා සාධාරණ මැතිවරණයක් පවත්වන ලෙස හසීනාගේ රජයට බටහිර රටවලින් බලපෑම් එල්ල වී තිබේ.

https://www.ndtv.com/world-news/bangladesh-troops-deployed-across-bangladesh-amid-fears-of-violence-ahead-of-elections-4794783

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!