spot_img
spot_imgspot_img

පාසල් සියල්ල වෙනස් කරන්න, ආණ්ඩුවේ සැළසුමක්

පුවත්

විදෙස්

රටේ සියලු පාසල් පළාත් සභා යටතේ පවත්වාගෙන යාමට අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ දී යෝජනා වී තිබේ.

ඒ බව ප්‍රකාශ කළේ එම කාරක සභාවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී වී.රාධක්‍රිෂ්ණන් විසිනි.

ඒ අනුව යෝජනා වී ඇත්තේ ජාතික පාසල් සහ පළාත් සභා පාසල් වශයෙන් පාසල් දෙවර්ගයක් පවත්වාගෙන නොයාමටය. අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මෙතෙක් සිදුකරන ලද ජාතික පාසල් අධීක්ෂණ සහ පරිපාලන කටයුතු පළාත් සභාවලට පැවරීමට ද නව ප්‍රතිසංස්කරණ යෝජනා අතර තිබේ.

පළාත් සභාවෙන් පළාත් සභාවට වෙනස් නොවන පරිපාලන ක්‍රමවේදයක් යටතේ සියලු පාසල් පවත්වාගෙන යායුතු බවටත්, මුදල් ඇතුළු සියලු පහසුකම් ලබාදීමේදී අසාධාරණයක් නොකිරන ලෙස දැනුම් දීමටත් තීරණය කළ බව සභාපතිවරයා සඳහන් කළේය.

ප්‍රාථමික, 6-9 සහ උසස් පෙළ වශයෙන් කාණ්ඩ තුනක් යටතේ පාසල් පවත්වාගෙන යෑමටත්, වසර හතරකට වරක් මෙම වැඩපිළිවෙළ යාවත්කාලීන කිරීමටත් යෝජනා වී තිබේ.

එසේම උසස් පෙළ විභාගය 12 ශ්‍රේණියටද, සාමාන්‍ය පෙළ විභාගය 10 ශ්‍රේණියටද ගෙන ඒමටත් ප්‍රධාන පාසලක් වටා පිහිටි පාසල් අටක් පෝෂණය කරමින් පවත්වාගෙන යෑමටත් නියමිත බව සභාපති රාධක්‍රිෂ්ණන් මන්ත්‍රිවරයා ප්‍රකාශ කරයි.

මීට අමතරව 06 ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි මාධ්‍ය අනිවාර්ය කිරීමට ද යෝජනා වී තිබෙන බව සභාපතිවරයා පවසයි.

පළමු ශ්‍රේණියේ සිට ඉංග්‍රීසි අනිවාර්ය කිරීමට මුලින් යෝජනා වූ බවත්, එසේ කළහොත් මව් භාෂාව සිසුන්ගෙන් ඈත්විය හැකි යැයි කාරක සභාවේ සාමාජිකයන් පෙන්වාදුන් බවත්, හෙතෙම සඳහන් කරයි.

අධ්‍යාපන ඇමැතිවරයා ආංශික අධීක්ෂණ කාරක සභාවට ලබාදී ඇති මෙම යෝජනා පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බවත්, කාරක සභාව මේ දක්වා ඊට අනුමැතිය ලබාදී නොමැති බවත්, ඔහු පවසයි.

ලබන ජනවාරි දෙවැනි සතියේදී නැවතත් අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාව රැස්වී මේ පිළිබඳව දීර්ඝ ලෙස සාකච්ඡා කරන බවද මන්ත්‍රි රාධක්‍රිෂ්ණන් ප්‍රකාශ කරයි.

නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව, අධ්‍යාපනය පිළිබඳ ආංශික අධීක්ෂණ කාරක සභාවේ සාමාජිකා පාර්ලිමේන්තු මන්ත්‍රිනි රෝහිණී කවිරත්න සඳහන් කර ඇත්තේ, ජනප්‍රිය පාසල්වලට සිසුන් ඇතුළත් කර ගැනීමේදී පවතින තදබදය ඇතුළු අධ්‍යාපන ක්ෂේත්‍රයේ නිර්මාණය වී ඇති ගැටලුවලට මෙම ප්‍රතිසංස්කරණ යෝජනාවලින් විසඳුමක් ලැබේද යන්න ගැටලුවක් වන බවය.

සිසුන් ඇතුළත් කර ගැනීමේදී තරගයකට මුහුණදෙන ජනප්‍රිය පාසල්වල පන්ති කාමරයක් අඩු කිරීමෙන් ප්‍රායෝගික ගැටලූවලට මුහුණදිය හැකි බවද මන්ත්‍රිවරිය සදහන් කරයි.

ඒ අනුව, උසස් පෙළ ශ්‍රේණිය 12 දක්වා අඩු කිරීමට ජනප්‍රිය පාසල්වල සහායක් නොලැබෙනු ඇතැයි කාරක සභාවේදී සාකච්ඡා වූ බව කවිරත්න මන්ත්‍රීවරිය පවසයි. එසේම පළාත් සභා යටතට පාසල් ඇතුළත් කරගැනීම ඇතුළු නව අධ්‍යාපන ප්‍රතිසංස්කරණ පිළිබඳව තවදුරටත් සාකච්ඡා කළ යුතු බවද ඇය වැඩිදුරටත් සඳහන් කර ඇත

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!