spot_img
spot_imgspot_img

අම්මා මැරුවා යැයි දුව රිමාන්ඩ් කර ඇත්තේ වැරදීමකින්. පොලිසිය අධිකරණයට කියයි

පුවත්

විදෙස්

කහවත්තේ පදිංචිව සිටි 71 හැවිරිදි තිදරු මවක් ඝාතනය කළා යැයි සැකපිට රිමාන්ඩ් කර සිටි ඇගේ දියණිය නිදොස්කොට නිදහස් කරන්න යැයි පැල්මඩුල්ල මහේස්ත්‍රාත් නුතිනන් සිරිවර්ධන අද (29) නියෝග කළේය.

මරණය සම්බන්ධයෙන් එම දියණිය සැකකරන බවට චෝදනා කරමින් පොලිසිය ඇය අත්අඩංගුවට ගෙන පොලිසියට ඉදිරිපත් කළේය. පොලිසිය විසින් ඉදිරිපත් කළ කරුණු අනුව ඇය රිමාන්ඩ් කරන ලදී.

පොලිසිය අද (29) අධිකරණයට දැනුම් දුන්නේ ඇගේ දියණිය මේ ඝාතනයට සම්බන්ධ නැතැයි පරීක්ෂණවලින් අනාවරණය වී ඇති බවයි.

ඒ අනුව පොලිසිය වෙනත් සැකකරුවකු අත්අඩංගුවට ගෙන තිබේ. එම සැකකරු මියගිය කාන්තාවගේ නිවස අලුත්වැඩියා කිරීමේ කටයුතු සඳහා නිතර ආගිය මරණකාරියකගේ හිතවතියක බවත් පොලිසිය අධිකරණයට දැනුම් දුන්නේය. මියගිය කාන්තාවගේ රන් භාණ්ඩ සොරාගැනීම සම්බන්ධයෙන් සැකයක් ඇතිවීම නිසා සිද්ධිය වූ දිනයේ දුරකථන ඇමතුම් නවයක් මරණකාරිය විසින් සැකකරුට ලබා දී ඇති බව ද පොලිසිය පවසයි. ඔහු පිළිතුරු ලබා දී ඇත්තේ එක් ඇමතුමකට පමණඛ් බවත් තාක්ෂණික පර්වේෂණීය සාක්කි මගින් අනාවරණය වූ බව ද කහවත්ත පොලිසිය මහේස්ත්‍රාත්වරයාට කීවේය.

එම රන්භාණ්ඩ තමන් විසින් සො‍රාගත් බවට සැකකරු මරණකාරිය හමුවේ පිළිගෙන තිබී ඇති බවත් එම භාණ්ඩවල වටිනාකම මුදලින් ගෙවීමට පොරොන්දු වී සිට ඇති බවත් පොලිසිය පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!