spot_img
spot_imgspot_img

සියලු පාසල්, Smart කරන්න සජිත්ගෙන් සැළැස්මක්

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ පළාත් නවයේ ම පිහිටි රජයේ පාසල් 10,126  සුහුරු අධ්‍යාපන කේන්ද්‍රස්ථාන බවට පත් කිරීමේ අභියෝගය තමන් භාර ගන්නා බව විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස පවසයි.

ඔහු මේ බව කියා සිටියේ අද (29) හබරණ මහා විද්‍යාලයට “සක්වල” වැඩසටහන යටතේ, රුපියල් ලක්ෂ 10 ක් වටිනා සුහුරු පන්තිකාමර උපකරණ ලබාදීමේ අවස්ථාවට එක්වෙමිනි.

දූපත් මානසිකත්වයෙන් මිදී ලොව සෑම රටක් සමඟ ම කටයුතු කිරීමට හැකි ශක්තිමත් සුහුරු දේශයක් බවට ශ්‍රී ලංකාව පරිවර්ථනය කිරීම, බංකොලොත් භාවයෙන් මිදීමට අපට ඇති හොඳම අවස්ථාවක් බවත් විපක්ෂ නායකවරයා අවධාරණය කළේය.

පුරවැසි පරපුර ප්‍රගතිය කරා ගෙන යනවා වෙනුවට ප්‍රතිගාමීත්වය නිර්මාණය කරන දුර්වල අධ්‍යාපන ක්‍රමයක් රට තුළ ක්‍රියාත්මක බවත්, පරිඝණක සහ තොරතුරු තාක්ෂණයට මුල් තැන ලබාදී ජාත්‍යන්තර ශ්‍රම වෙළඳපොලේ ඉල්ලුමක් ඇති නව දැනුම විෂය මාලාවන් තුළට ඇතුළත් කළ යුතු බවත්  සජිත් ප්‍රේමදාස පවසයි.

රජයේ පාසල් තුළ ඉංග්‍රිසි භාෂා සාක්ෂරතාවට ගොඩනැගීම සඳහා ඉංග්‍රීසි භාෂා විද්‍යාගාර ආරම්භ කරන බවත්, මේ වනවිටත් සමගි ජන බලවේගය ආරම්භ කර ඇති ස්මාට් පන්ති කාමර සංකල්පය තවත් පුළුල් කිරීම හරහා තොරතුරු තාක්ෂණය ශක්තිමත් කරමින්, සෑම සිසු දරුවෙකුම සුහුරු ශිෂ්‍යයෙක් බවට පරිවර්තනය කිරීමේ වගකිම අනාගත රජයක් තුළ තමන් භාර ගන්නා බවත් විපක්ෂ නායකවරයා කීවේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!