spot_img
spot_imgspot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොටස් වෙළෙඳ පොළ අද (27) දිනයේ ගනුදෙනු 6,792ක් සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 1,062ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 0.44ක් පහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,605ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම රුපියල් මිලියන 720
  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X) රුපියල් මිලියන 35
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 34

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • එල්ඒඑල්සී ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම මිලියන 90
  • ඉන්ඩස්ට්‍රියල් ඇක්ස්හෝල් සමාගම කොටස් මිලියන 06

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • එල්ඕඑල්සී ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම 15%
  • ඒඑම්එෆ් සමාගම 13%
  • ටෙක්ස්ට් ඇග්‍රෝ සමාගම (N) 10%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • එල්ඕඑල්සී ජෙනරල් ඉන්ෂුවරන්ස් සමාගම කොටස් මිලියන 87ක් රුපියල් 8.00 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 280
  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 265
  • ලංකා දුම්කොළ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 178

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 43ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 44ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 01ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත්කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • ටෝකියෝ සිමෙන්ති සමාගම (X)  රුපියල් මිලියන 31
  • කමර්ෂල් බැංකුව රුපියල් මිලියන 03

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • මෙල්ස්ටර් කොප් සමාගම රුපියල් මිලියන 33
  • හේමාස් හෝල්ඩින්ස් සමාගම රුපියල් මිලියන 04

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!