spot_img
spot_imgspot_img

වාහන විකුණනවා යැයි රඟපා, කොටි 4.5ක් අරන් පැනයයි

පුවත්

විදෙස්

වාහන අළෙවි කරන ආයතනයක් පවත්වාගෙන යන බව අඟවමින් වාහන මිල දී ගැනීමට ආ පුද්ගලයන් දෙදෙනකුගෙන් රුපියල් කෝටි 4.5ක මුදලක් ලබාගෙන එම ආයතනයේ පිටුපස දොරටුවකින් පලාගිය පුද්ගලයකු සම්බන්ධයෙන් කුරුඳුවත්ත පොලිසිය පරීක්ෂණ ආරම්භ කර තිබේ.

බණ්ඩාරනායක ජාත්‍යන්තර සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ කාර්යාලයක් කුලියට ගෙන ඔහු වාහන ‍අළෙවි ආයතනයක් ලෙස පවත්වාගෙන ගොස් ඇත. එම ආයතනය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ආරම්භ කර ඇත්තේ දෙසැම්බර් 11 වැනි දා ය

Regal Sales (Pvt) Ltd නමින් මෙම ආයතනය පවත්වාගෙන ගොස් ඇත්තේ කාමර දෙකක් කුලියට ලබාගනිමිනි. එහි හිමිකරු සහ කළමනාකරු ලෙස රත්නායක මුදියන්සේලාගේ අසංක රත්නාය නමැති අයකු කටයුතු කර ඇත. කාර්යාලයේ සේවකයන් 09 දෙනකු ද බඳවාගෙන සිටි බවත්, අන්තර්ජාලයේ දැන්වීම ්පළකර අළෙවියට තබා ඇති මිල අධික රථ දෙකක් තමා වැඩි මුදලකට මිල දී ගන්නා බව විකුණුම්කරුවන්ට පවසා  එය බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලා පරිශ්‍රයේ ඔහුගේ කර්යාලය අසළට ගෙන්වාගෙන ඇති බවත් එම ජීප්රථ ගැනුම් කරුවන් දෙදෙනකු ද අන්තර්ජාලය ඔස්සේ සම්බන්ධ කරගෙන ඔවුන් ද එම පරිශ්‍රයට ගෙන්වාගෙන ඇත.  ඔහු ගැනුම්කරුවන්ට වෙළෙඳ පොළ වටිනාකමට වඩා යම් ප්‍රමාණයක් අඩු මුදලකට මෙම වාහන දෙක ලබාදෙන බව පවසමින් ව්‍යාජ ගනුදෙනුවක් සැළසුම් කර තිබිණි.

ඒ අනුව ඊයේ (20) වාහන දෙක මිල දී ගැනීමට පුද්ගලයන් දෙදෙනකු පැමිණ ඇති අතර වාහන පරීක්ෂා කිරීමෙන් පසු ගෙවීම් සිදුකිරීමට බැංකු ගිණුමකින් තවත් බැංකු ගිණුමකට මුදල් බැර කිරීම ප්‍රතික්ෂේප කර ඇති එම ආයතනය, වාහන සඳහා අත්පිට මුදල් ඉල්ලා ඇත.

ඒ අනුව අත්පිට මුදල් රැගෙන ආ අවස්ථාවේ දී එම ආයතනය තුළ දී ම මුදල් ගණනය කරන යන්ත්‍රයකින් මුදල් ප්‍රමාණය නිවැරදියැයි තහවරු කරගැනීමෙන් පසු වාහන භාරදීම සඳහා ගනුදෙනුකරුවන්ට වාඩිවී සිටින ලෙස පසා ඇත. ඒ අතරතුර එම මුදල් රැගෙන ආයතන හිමිකරු ඔහුගේ කුටිය පිටුපස තිබූ වෙනත් දොරකින් පළා ගොස් ඇති අතර ප්‍රමාදය ගැන විමසීමේ දී ගනුදෙනුකරුවන් දැනගෙන ඇත්තේ හිමිකරු මුදල් රැගෙන ගොස් ඇති බවයි.

පොලිසිය පවසන්නේ කෝටිපති ව්‍යාපාරිකයකු ලෙස පෙනී සිටි මෙම සැකකරු තමන්ගේ ආයතනයේ සේවය කළ පුද්ගලයන් ප්‍රභූ ආරක්ෂකයන්‍ ලෙස පෙනෙන ආකාරයෙන් යොදාගෙන ඇති බවයි.

මේ සිද්ධිය සම්බන්ධයෙන් බණ්ඩාරනායක සම්මන්ත්‍රණ ශාලාවේ පොලිස් ඒකකයට දැනුම් දීමෙන් අනතුරුව ඔවුන් කුරුඳුවත්ත පොලිසියට පැමිණිලි යොමුකර තිබිණි. අනතුරුව සීසීටීවී දර්ශන පරීක්ෂා කර තිබිණි එම දර්ශන අනුව වාහන අළෙවි ආයතනයේ හිමිකරු තවත් පුද්ගලයකු සමඟ බෑගයක් ද රැගෙන පිටුපස දොරකින් පළායන ආකාරය නිරීක්ෂණය වී තිබේ.

සිද්ධිය සම්බන්ධයෙන් එම ව්‍යාජ වාහන අලෙවිසලේ කළමනාකරුවන් බව පැවසෙන දෙදෙනෙකුගෙන් ප්‍රශ්න කරගෙන යන බව කුරුඳු වත්ත පොලිසිය පවසයි.

මෙම ආයතනයේ සේවකයන් 09 දෙනා ම පොලිස් භාරයට ගෙන ප්‍රශ්න කළ අතර පළාගිය සැකකරු බදුල්ල, පුස්වැල්ගොල්ල, ගලගෙදර පදිංචි 51 හැවිරිදි අයකු බව ද අනාවරණය වී ඇත.

මුදල් කොල්ලකා බලා ගිය පුද්ගලයා අත්අඩංගුවට ගැනීමට කුරුඳුවත්ත පොලිස් ස්ථානාධිපති ප්‍රධාන පොලිස් පරීක්ෂක ආලෝක බණ්ඩාර සේනානායකගේ විශේෂ උපදෙස් මත එහි නිලධාරීහු කණ්ඩායමක් වැඩිදුර පරීක්ෂණ පවත්වති.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!