spot_img
spot_imgspot_img

ගාල්ල මහින්දයේ සිසුවෙක්, ලෝකය ම දිනයි

පුවත්

විදෙස්

ස්ක්‍රැබල් යොවුන් ලෝක ශූරතාවය WESPA Youth Cup 2023 දිනාගැනීමට ගාල්ල මහින්ද විද්‍යාලයේ හිවින් දිල්මිත් සිසුවා සමත්වූයේය.

එම තරඟාවලියේ දෙවැනි හා තුන්වැනි අනුශූරතා ද පිළිවෙලින් කොළඹ ගේට්වේ ජාත්‍යන්තර පාසලේ අධීෂ දිසානයක සහ කොළඹ රාජකීය විද්‍යාලයේ කවිඳු මල්ලවාරච්චි විසින් දිනාගන්නා ලදී. ලෝක ස්ක්‍රැබල් ශූරතා තරඟාවලියක දී එකම රටක ක්‍රීඩකයන් විසින් ශූරතාව සහ අනුශූරතා දෙකම ජයග්‍රහණය කළ ප්‍රථම අවස්ථාව මෙයයි.

මෙම තරඟාවලිය තායිලන්තයේ, ට්‍රැන්ග් නගරයේ දී රටවල් 17ක සහභාගීත්වයෙන් දෙසැම්බර් 01 වැනි දා සිට 03 වැනි දා දක්වා පැවැත්විණි. ඒ සඳහා ක්‍රීඩක ක්‍රීඩිකාවෝ 142ක් සහභාගී වී සිටියහ.

එහි ශූරතාව දිනාගත් හිවින් දිල්මිත් වයස අවුරුදු 16ක සිසුවකු වන අතර මෙවර 2023 වසරේ සාමාන්‍ය පෙළ විභාගයට පෙනී සිටීමට සූදානම්ව සිටියි.

ගාල්ල මහින්ද විද්‍යාලයෙන් 2018 වර්ෂයේ දී ස්ක්‍රැබල් ක්‍රීඩාව ආරම්භ කළ හිවින් මීට ඉහත දී ද ජාතික සහ ජාත්‍යන්තර මට්ටමේ ජයග්‍රහණ රැසක් දිනා තිබිණි.

මෙම ජයග්‍රහණයන්ට අමතරව ශ්‍රී ලංකාවෙන් සහභාගී වූ ක්‍රීඩක ක්‍රීඩිකාවෝ හොඳම කණ්ඩායමට හිමි ශූරතාවය ද දිනාගැනීමට සමත්වූහ. එම සම්මානය ලබාදීමේ දී සළකා බලන්නේ කණ්ඩායම්වල ඉහළම ලකුණු ලබාගත් ක්‍රීඩක ක්‍රීඩිකාවන්ගේ ලකුණු එකතුව පමණි. තරඟාවලියේ ශූරතාව, පළමු අනුශූරතාව සහ දෙවැනි අනුශූරතාව ලබාගත් තිදෙනාම ශ්‍රී ලංකාවේ ක්‍රීඩකයන් වීම නිසා එම ශූරතාව ශ්‍රී ලකාවට හිමිවිය.

මෙම ජයග්‍රහණ ලබාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පහත සඳහන් කර ඇත.

1. හිවින් දිල්මිත් – ගාල්ල මහින්ද විද්‍යාලය

2. අධීෂ දිසානායක – කොළඹ ගේට්වේ විද්‍යාලය

3. කවිඳු මලවාරආරච්චි – කොළඹ රාජකීය විද්‍යාලය

4. ඉල්හාම් ඉර්ෂාඩ් – කොළඹ ගේට්වේ විද්‍යාලය

5. අර්චන පදුමදාස – එලිසබෙත් මෝයර් කොළඹ

6. තුල්නිත් ද සිල්වා – ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

7. ඉනාම් ඉර්ෂාඩ් – කොළඹ ගේට්වේ විද්‍යාලය

8. නිශාන්‍යා ගම්මන්පිල – කොළඹ මියුසියස් විද්‍යාලය

9. සඳනිඳු බතීගම – ගාල්ල රිච්මන්ඩ් විද්‍යාලය

10. කෞමදී බාලසිංහ – මහනුවර උසස් බාලිකා විද්‍යාලය

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!