spot_img
spot_imgspot_img

ළමයින්ට පොලිතීන් කැවූ විදුහල්පති ඉල්ලා, පිරිසක් උද්ඝෝෂණයේ

පුවත්

විදෙස්

සිසුන් පිරිසකට පොලිතීන් කවමින් අමානුෂික වදහිංසා පැමිණ වූ විදුහල්පතිවරයා නැවත තම විදුහලට ලබාදෙන ලෙස ඉල්ලා එම විදුහල්පතිවරයාට හිතවත් දෙමාපියෝ පිරිසක් අද (06) එම පාසල ඉදිරිපිට උද්ඝෝෂණයක නිරතවූහ.

නාවලපිටිය, රඹුක්පිටිය පාසලේ විදුහල්පතිවරයා ලෙස සිටි හෙතෙම මේ වනවිට ගම්පොළ කලාප අධ්‍යාපන කාර්යාලයට තාවකාලිකව අනුයුක්ත කර සිටියි.

පාසලට පොලිතීන් ‍රැගෙන ඒම තහනම් කර තිබිය දී 11 ශ්‍රේණියේ ළමුන් පිරිසක් පොලිතීන්වල ඔතා ආහාර රැගෙන විත් එම ආහාර අනුභව කිරීමෙන් පසු පොලිතීන් කොළ නැවත නිවස වෙත රැගෙන යාමට පොත් බෑගය තුළට දමාගෙන සිටිය දි පසුගිය 22 වැනි දා විදුහල්පතිවරයාට හසුව තිබිණි.

සිසුන්ගේ දෙමාපියන් පොලිසියට පැමිණිලි කර ඇත්තේ ජානක ජයවර්ධන නමැති විදුහල්පතිවරයා තම දරුවන්ට අමානුෂික දඬුවමක් ලබාදෙමින් එම පොලිතීන් අනුභව කරන ලෙස පවසා ඇති බවයි. පොලිතීන් ආහාරයට ගැනීමෙන් පසු රෝගී වූ සිසුන් 05 දෙනකු නාවලපිටිය දිස්ත්‍රික් රෝහලට ඇතුළත් කර තිබිණි.

පොලිසිය විසින් විදුහල්පතිවරයා අත්අඩංගුවට ගෙන නාවලපිටිය මහේස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් ිකරීමෙන් පසු 04 වැනි දා දක්වා රිමාන්ඩ් කළ අතර පසුව ඇප මත මුදාහැරණි.

අද උද්ඝෝෂණයේ නිරත වූ පිරිස ඉල්ලා සිටියේ ගම්පොළ අධ්‍යාපන කාර්යාලයට තාවකාලිකව අනුයුක්ත කර ඇති විදුහල්තිවරයා යළි පාලසට ලබාදෙන ලෙසයි.

සිසුන්ට පොලිතීන් කැවීමේ සිද්ධිය සම්බන්ධයෙන් මධ්‍යම පළාත් අධ්‍යාපන අමාත්‍යාංශය ද පරීක්ෂණයක් ආරම්භ කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!