spot_img

මාතරින් මතුවුණේ, පැරණි සුසාන භූමියක් ද ?

පුවත්

විදෙස්

මාතර කොටුවේ විදුලි කණුවක් සිටුවීම සඳහා වළක් හාරමින් සිටි සේවකයන් පිරිසකට අද (06) මිනිස් අස්ථි කොටස් කිහිපයක් හමු වී තිබේ.

මෙම වළ හාරා ඇත්තේ මාතර කොටුවේ පිහිටි මැතිවරණ කාර්යාලය ඉදිරිපිටය. මැතිවරණ කාර්යාලයේ නිලධාරීන් විසින් ඒ බව මාතර පුරාවිද්‍යා ප්‍රාදේහීය කාර්යාලයේ නිලධාරීන්ට දැනුම්දීමෙන් පසු මූලික පරීක්ෂණ ආරම්භ කර තිබේ.

පුරාවිද්‍යා නිලධාරීන් පවසන්නේ එම අස්ථි කොටස් සමඟ පැරණි ඇණ 04ක් ද හමු වූ බවයි. මෙම අස්ථි කොටස් කවර කාලයකට අයත්ද යන්න පිළිබඳ පරීක්ෂණ පවත්වන බව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව පවසයි.

ඡායාරූප – News e jet වෙතිනි

1 COMMENT

  1. අස්ථි කොටස් සමග ඇන තිබුනනම් හිස් කබල පරීක්ෂා කරන්න ඕන ේ ඔලුවට ගහපු පරාල ඇනද කියලා 😀

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles