spot_img
spot_imgspot_img

පොඩි සාදුට, ලොකු සාදුලා 10ක් අතවර කරලා

පුවත්

විදෙස්

බාලවයස්කාර සාමණේර භික්ෂුවකට බරපතල ලිංගික අතවර සිදුකළ බවට සැකපිට ප්‍රදේශ කිහිපයක විහාරස්ථානවල සිටින වැඩිහිටි භික්ෂූන් වහන්සේලා 10 දෙනකු අත්අඩංගුවට ගැනීම සඳහා මෙහෙයුමක් දියත්කර ඇතැයි ගලහ පොලිසිය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගැනීම සඳහා සොයමින් සිටින්නේ ගාල්ල, හොරණ, තලාතුඔය, රටේමුල්ල, ගලහ ආදී ප්‍රදේශවල විහාරස්ථානවල සිටි වයසින් වැඩිහිටි ජ්‍යෙෂ්ඨ විහාරාධිපතිහිමිවරු කිහිප දෙනෙකි.

පොලිස් පරීක්ෂණවලින් අනාවරණය වී ඇත්තේ ගලහ ප්‍රදේශයේ විහාරස්ථානයක සිටි වයස අවුරුදු 13ක් වන සාමනේර භික්ෂුව වයස අවුරුදු 11ක සිට මෙලෙස අතවරයට ලක්ව ඇති බවයි. විවිධ ප්‍රදේශවලින් එම විහාරස්ථානයට වැඩමකරන වැඩිහිටි භික්ෂූන්ගේ ලිංගික අවශ්‍යතා සඳහා මෙම සාමණේර භික්ෂුව වයස අවුරුදු 11 දී පමණ සිට ලබා දී ඇතැයි ද පැවසේ.

මෙම සාමණේර භික්ෂුවගේ වැඩිමල් සොහොයුරකු ද හොරණ ප්‍රදේශයේ විහාරස්ථානයක මහණ වී සිටින බව ද අනාවරණය වී ඇත. අතවරයට ලක් වූ සාමණේර හිමියන් වද හිංසා දරාගත නොහැකිව ඒ බව තම මවට පැවසීමෙන් අනතුරුව මව විසින්, මහණ වී සිටින තම වැඩිමල් පුතාට එම සාමණේර භික්ෂුව භාරකර ඇත.

පොලිසිය පවසන්නේ තම බාල සහෝදර සාමණේර භික්ෂුවගෙන් වැඩිහිටි භික්ෂූන් සිදුකළ ලිංගික අතවර පිළිබඳ විමසූ වැඩිමල් සහෝදරයා වන භික්ෂුව විසින් ද සාමණේර හිමිට ලිංගික අතවර කර ඇති බවයි. ඒ බව දැනගත් මව ඉන්පසු සාමණේර භික්ෂුව ගාල්ලේ විහාරස්ථානයක නතර කර ඇත.

ගාල්ලේ විහාරස්ථානයක සිටිය දී ඇති වූ රෝගාබාධයක් හේතුවෙන් කරාපිටිය ශික්ෂණ රෝහලට ඇතුළත් කළ අවස්ථාවක දී සාමණේර භික්ෂුව දීර්ඝකාලයක සිට බරපතල ලිංගික අතවරයට ලක්වන බවට වෛද්‍ය පරීක්ෂණවලින් තහවරු වීමත් සමඟ ඒ බව පොලිසියට දැනුම් දී ඇත.

එම දැනුම්දීම අනුව පොලිස් පරීක්ෂණ ආරම්භ කර ඇත්තේ ගම්පොළ පොලිස් කොට්ඨාස ළමා හා කාන්තා කාර්යාංශයේ මෙහෙයවීමෙනි. ගම්පොළ කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරී ප්‍රදීප් රත්නායක පවසන්නේ මෙම සාමණේර භික්ෂුවට අතවර කළ වැඩිහිටි භික්ෂූන් තම විහාරස්ථානවලින් බැහැරව ගොස් වෙනත් විහාරස්ථානවල රැඳී සිටිමින් පොලිසිය මඟහරින බවිය. එබැවින් ඔවුන් අත්අඩංගුවට ගැනීම සඳහා මේ වනවිට විශේෂ මෙහෙයුමක් දියත්කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!