-0.1 C
New York

යුද හමුදාපති ධූරයට කාන්තාවක් ?

Published:

ශ්‍රී ලංකාවේ යුද හමුදාව තුළ ඇති ඉහළම තනතුරට කාන්තාවකට පත්විය හැකි ආකාරයට ත්‍රිවිධ හමුදාවේ නීති යාවත්කාලීන කිරීමට කටයුතු කරන බව ආරක්ෂක රාජ්‍ය අමාත්‍ය ප්‍රමිත බණ්ඩාර තෙන්නකෝන් පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු වැඩිදුරටත් මෙසේ ද කීවේය.

“අද අපි මෙතැන කාන්තාවන් හා ළමයින් ගැන කතා කරනවා. කාන්තාවන්ට ඉහළ තනතුරුවලට යා හැකි ක්‍රමවේද තිබෙනවා. නමුත් ඇතැම් තැන්වල එහි ගැටලු තිබෙනවා. ත්‍රිවිධ හමුදාව කියන්නේ එවැනි තැනක්. කාන්තා නිලධාරිනියට ත්‍රිවිධ හමුදාවේ උසස්ම නිලයට යා හැකි අයුරින් අපි නීති සහ රෙගුලාසි වෙනස් කරනවා.”

මේ සම්බන්ධ කෙටුම්පත සකසා නීතිපති දෙපාර්තමේන්තුවට යොමු කර ඇතැයි ද රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.

Related articles

Recent articles

spot_img