spot_img
spot_imgspot_img

වේගය මැනිය නොහැකිව, පොලිසිය අමාරුවේ

පුවත්

විදෙස්

රථවාහන ගමන් කරන වේගය මැනීමේ උපකරණ අක්‍රියවීම සහ නව උපකරණ නොලැබීම හේතුවෙන් පොලිස් රථවාහන අංශය විශාල ගැටලුවකට මුහුණ දී ඇතැයි විගණන වාර්තාවකින් අනාවරණය වී තිබේ.

2022 වර්ෂයට අදාලව සකස්කර ඇති රාජ්‍ය ආයතන විගණන වාර්තාවේ දැක්වෙන්නේ 2016 වර්ෂයේ දී ශ්‍රී ලංකා පොලිසියට වේගය පරීක්ෂා කිරීමේ උපකරණ 25ක් මිල දී ගෙන ඇති බවයි. අවසන් වරට මිල දී ගෙන ඇත්තේ එම යන්ත්‍ර කිහිපය පමණි. ඊට පෙර 2013 වර්ෂයේ දී යන්ත්‍ර 30ක්, 2010 වර්ෂයේ දී යන්ත්‍ර 100ක් වශයෙන් මිල දී ගෙන ඇත. 2018-2022 අතර කාලයේ දී එවැනි යන්ත්‍ර මිල දී ගැනීමට සැළසුම් කර තිබී ඇත. ඒ රථවාහන පාලන අංශයට 500ක් සහ මාර්ග ආරක්ෂාව පිළිබඳ පොලිස් කොට්ඨාසයට 500ක් වශයෙනි. නමුත් එම යන්ත්‍ර කිසිවක් මිල දී ගෙන නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!