spot_img
spot_imgspot_img

භික්ෂුවක්, ‍දායකයන් අමාරුවේ දමයි. ශ්‍රේෂ්ඨාධිකරණයට විරුද්ධව පෙළපාලි යවලා (වීඩියෝ සහිතයි)

පුවත්

විදෙස්

ශ්‍රේෂ්ඨාධිකරණය නියෝගයකට අනුව නීතිය ක්‍රියාත්මක කළා යැයි උරණ වූ ඇල්පිටියේ සුගතපාල බෞද්ධ මධ්‍යස්ථානය භාර භික්ෂුවක් ලෙස පෙනී සිටින සුමන නමැති අයකුගේ මෙහෙයවීමෙන් ගම්වාසීන් ශ්‍රී ලංකාවේ උපරිමාධිකරණය වූ ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහිව අද (27) මහ මග විරෝධතාවක නිරතවූහ.
ශ්‍රේෂ්ඨාධිකරණයෙන් ලබා දී ඇති නියෝගයකට අනුව ගාල්ල නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ නියෝගයකට අනුව ‍සුගතපාල බෞද්ධ මධ්‍යස්ථානයේ නීති විරෝධී ශබ්ද විකාශනය නතර කිරීම හෙළා දකිමින් ඔවුහු මෙම උද්ඝෝෂණයේ නිරතවූහ.
නීතිවේදීන් පෙන්වා දෙන්නේ උද්ඝෝෂණයේ නිරත වූ මෙම ගැමියන් සියලු දෙනා නීතියේ තරම නොදැන ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කිරීමේ වරදක් සිදුකර ඇති බවයි. එමෙන් ම එම ශබ්ද විකාශනය නීති විරෝධී බවට පැමිණිලි කළ පුද්ගලයාට එරෙහිව ආගමික වෛරය පතුරවමින් මෙම පෙළපාලියට එක්ව සිටියහ.
2007 අංක 56 දරන සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ ජාත්‍යන්තර සම්මුතිය (අයි.සී.සී.පී.ආර්) පනත මෙරට ක්‍රියාත්මක වෙයි. එම පනතෙහි 3(1) වගන්තිය අනුව, “කිසි ම තැනැත්තකු විසින් යුද්ධය පැතිරවීම හෝ වෙනත් ලෙස සැලකීමට එදිරිවාදිකම්වලට හෝ ප්‍රචණ්ඩක්‍රියාවලට යොමු කිරීම සංයුක්ත වන ජාතික, වාර්ගික හෝ ආගමික වෛරය සඳහා පෙළඹවීම් නොකළ යුතුය” යනුවෙන් දැක්වේ.
ශ්‍රේෂ්ඨාධිකරණ නීතියට පටහැනිව නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්‍රයක් භාවිතා කිරීම සම්බන්ධයෙන් පොලිසියට පැමිණිල්ලක් ඉදිරිපත් කළ ගුරුවරයකුට විරුද්ධව පෙළපාලි යමින් වෛරී ප්‍රකාශ සිදුකරමින් මෙම ගම්වාසීන් සිදුකර ඇත්තේ ආගමික වෛරය පැතිරවීම සහ ආගමික රෛවය සඳහා පෙළඹවීමයි. ඒ අනුව ඔවුන් ICCPR පනත පවා කඩකර ඇත.
ශ්‍රී ලංකාව තුළ දී මෙරට නීතිය නොදැන සිටීම යනු නීතිය හමුවේ නිදහසට කරුණක් නොවේ. ඒ අනුව අද (27) මෙලෙස පෙළපාලි ගිය පිරිස සිදුකර ඇත්තේ ශ්‍රේෂ්ඨාධිකරණයට අපහසා කිරීම යන අවුරුදු 07ක සිරදඬුවමකට යත්කළ හැකි වරදක් වන අතර ICCPR පනත අනුව නඩු විභාගය අවසන් වනුරු අප ලබා දිය නොහැකි වරදකි.
ඝෝෂාකාරී ශබ්ද විකාශනය නියෝජ්‍ය පොලිස්පතිවරයාගේ මැදිහත්වීම මත නවතා තිබුණ ද පසුගිය දා කඨින පිංකම වෙනුවෙන් නැවත එම ශබ්ද විකාශනය ආරම්භ කර තිබිණි. එම ශබ්ද විකාශනය ද දිනය පුරාම පැවැතීම හේතුවෙන් එම බෞද්ධ මධ්‍යස්ථානය අසළ පදිංචි ගුරුවරයා නැවත ඒ පිළිබඳ පොලිසියට පැමිණිලි කර තිබේ. 119 හදිසි ඇමතුම් අංශයට ද පැමිණිලි කළ විට ඔහු දැක ඇත්තේ පොලිස් නිලධාරීන් එම ශබ්ද විකාශන ක්‍රියාත්මක වූ ස්ථානයට පැමිණ නැවත යන ආකාරයයි. නමුත් ශබ්ද විකාශනය නතර වී නැත.
ඉන් පසු පැමිණිලි කළ ගුරුවරයාගේ නිවසට පැමිණි ගම්වාසීන් පිරිසක් ඔහු මරා දමන බවටත්, ඔහුගේ නිවස ගිනි ‍තබා කපා කොටා ඝාතනය කරන බවටත්, දරුවන්ට අතවර කරන බවටත් තර්ජනය කර තිබිණි. මේ බව මූලස්ථාන ඇල්පිටිය මූලස්ථාන පොලිසියට දැනුම් දුන්න ද මේ දක්වා ම ඒ සම්බන්ධයෙන් පැමිණිලි විභාග කර නැත.
මේ අතර ශබ්ද විකාශනය සම්බන්ධයෙන් නැවත නැවතත් 119 වෙත පැමිණිලි කළ විට මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා පැමිණිලි කරුගේ නිවසට පැමිණ, පසුව බෞද්ධ මධ්‍යස්ථානයට ගොස් ශබ්ද විකාශනය නතර කිරීමට කටයුතු කර ඇතත් ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයට අනුව එම නීති විරෝධී ශබ්ද විකාශන සම්බන්ධයෙන් නිසි පරිදි නීතිය ක්‍රියාත්මක කර නැත.
එසේ පොලිසිය ද නීතිය ක්‍රියාත්මක නොකරන තත්වයක් තුළ ගැමියන් භික්ෂුවක බව කියාගන්නා සුමන නැමැත්තාගේ පෙළඹවීම මත ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාස කරමින් ආගමික වෛරය ද පතුරුවමින් සිටී.
ඇල්පිටිය කුරුඳුගහහැතැප්ම, පතිරාජ උයනේ ඇති සුගතපාල බෞද්ධ මධ්‍යස්ථානයේ සවිකර ඇති නීති විරෝධී ශබ්ද විකාශන යන්ත්‍ර ගලවා ඉවත් ‍නොකිරීමෙන් ඇල්පිටිය මූලස්ථාන පොලිස් පරීක්ෂකවරයා ශ්‍රේෂ්ඨාධිකරණයට අපහාසයක් සිදුකර ඇතැයි යනුවෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ ලේඛකාධිකාරී වෙත යොමු කර ඇති පැමිණිල්ලකට අනුව මේ වනවිට ඇල්පිටිය ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරීවරයාගේ මෙහෙයවීමෙන් විශේෂ පරීක්ෂණයක් ද පැවැත්වෙමින් තිබේ.
එවැනි පරීක්ෂණයක් පැවැත්වෙමින් තිබිය දී ඇල්පිටියේ ජනතාව ශ්‍රේෂ්ඨාධිකරණ නියෝගයකට එරෙහිව පෙළපාළි ගොස් ඇත.
ශ්‍රේෂ්ඨාධිකරණයට එරෙහිව ජනතාව පෙළඹවූ භික්ෂුවක ලෙස පෙනී සිටින සුමන නමැත්තාගෙන් මේ පිළිබඳ විමසූ විට ඔහු නීතිය හෝ බුද්ධ ධර්මය හෝ නොදන්නා බව පැහැදිලි විය.
“බුද්ධාගම සද්දෙට අහන්න ඕනෑ. අපි ගමටම ඇහෙන්න පිරිත් දාලා නරක දෙයක් නෙවෙයි කරන්නේ. මේක බෞද්ධ රාජ්‍යයක් ඔය නීතියට ඉහලින් තියෙන්නේ බුද්ධ නීතිය. ගමේ මිනිස්සුන්ට ඒන දේ එක එක නීතිවලින් වෙනස් කරන්න බෑ. ඒ නිසා මිනිස්සු පෙළපාලි යනවා.”
බුදු දහම යනු නිහඬතාව අගයකරන ආගමක් නොවේදැයි විමසූ විට ඔහු කිසිවක් නොකියා දුරකථනය විසන්ධි කළේය.

එම පෙළපාලියේ දර්ශන පහතින්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!