spot_img
spot_img

රනිල්, ජේ ෂා ට පින්සෙණ්ඩු වෙයි ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ක්‍රිකට් විනාශයට වගකිව යුතුයැයි ශ්‍රී ලංකාවේ පාර්ශව කිහිපයක් එල්ලකරන චෝදනාවලට කණගාටුව පළකරන බව ඉන්දියාවේ ජේ ශා අමතා ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසා ඇතැයි ද හින්දු පුවත්පත වාර්තා කරයි.

ශ්‍රි ලංකාවේ ක්‍රිකට් කඩාවැටීමට වගකිව යුතු පුද්ගලයන් අරත ඉන්දීය ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම්වරයා වන ජේ ශා සිටින බව අර්ජුන රණතංග ප්‍රකාශ කළේය. අර්ජුන වැඩිදුරටත් කියා සිටියේ ජේ ශා සමඟ ශ්‍රී ලංකා ක්‍රිකට් බලධාරීන් සමීප සම්බන්ධතා පවත්වන බවයි.

කෙසේ වෙතත්, ජනාධිපති රනිල් වික්‍රමසිංහ, ජේ ශා සමඟ මෙරට ක්‍රිකට් අර්බුදය සම්බන්ධයෙන් දුරකථනයෙන් කතා කළ බව හරීන් ප්‍රනාන්දු ඊයේ පාර්ලිමේන්තුවේ දී කීවේය.

එහිදී වැඩිදුරටත් අදහස් දැක් වූ අමාත්‍යවරයා,

 “මම රොෂාන් රණසිංහ මැතිතුමාට කිසිම විරුද්ධත්වයක් නැහැ. එකේ සංයුතිය වෙනස් විය යුතුයි. නමුත් ඒ පනතක් විදියට, නීතියෙන්, උසාවියෙන් ගිහිල්ලා වෙනස කරන්න ඕනේ. ඊයේ දවසේ දී ජනාධිපතිවරයා ඉන්දියාවේ ජේ ශා සමඟ කතා කළා. අද මේක ලොකු ප්‍රශ්නයක් බවට පත්වෙලා තියෙනවා. ජේ ෂාගේ තාත්තා තමයි, අම්රිෂා. මෝදි ඇමතිතුමාගේ දකුණු අත කියලයි කියන්නේ. දැන් මේක දේශපාලන අර්බුදයක් විතරක් නෙමෙයි, ජාත්‍යන්තර අර්බුදයක් සහ ක්‍රිකට් අර්බුදයකටත් වඩා එහාට ගියා මේ ප්‍රශ්නය. දේශපාලන වශයෙන් මේකෙන් වාසියක් ගන්න සමහර අය උත්සාහ කරනවා”

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img

Latest articles

Back
Free WhatsApp News
Free Viber News
Messenger
Email
error: Content is protected !!