spot_img

ක්‍රිකට් සංචාර සඳහා, නිළියන් යැවීමට කෝටි ගණනක් වැය කරලා

පුවත්

විදෙස්

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ දූෂණ වංචා සහ අක්‍රමිකතා සම්බන්ධයෙන් සෙවීමට එහි ප්‍රධානීන් පොදු ව්‍යාපාර පිළිඳ පාර්ලිමේන්තු කාරක සභාව හෙවත් කෝප් කමිටුව හමුවට ඊයේ (14) කැඳ වූ අවස්ථාවේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් හි විධායක ශ්‍රේණියේ නිලධාරීන් කිහිප දෙනකු සහ නිළියන් කිහිප දෙනකු ඕස්ට්‍රේලියානු සංචාරයට රැගෙන යාම සඳහා රුපියල් ‍කෝටි ගණනක් වැය කර ඇති ආකාරය අනාවරණය විය.

මේ හේතුවෙන් ඊයේ කෝප් කමිටුව දැඩි උණුසුම් ස්වභාවයක් ගෙන තිබිණි. කමිටුව නියෝජනය කරන මන්ත්‍රීවරු රැසක් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට දැඩි ‍දෝෂාරෝපණයක් එල්ල කළහ.

කෝප් කමිටුවේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජිත් බණ්ඩාරගේ ප්‍රධානත්වයෙන් මෙම රැස්වීම පැවැත්විණි.

ඕස්ට්‍රේලියාවේ පැවැති විස්සයි 20 ලෝක කුසලාන තරඟාවලියට නිළියන් සහ නිලධාරීන් කිහිප දෙනකු සහභාගීවීම සඳහා රුපියල් කෝටි 06කට වැඩි මුදලක් වැය කර ඇති බව එහි දී හෙළිදරව් විය. එමෙන්ම ක්‍රිකට් තරඟ සංචාර සඳහා මාධ්‍යවේදීන් රැගෙන යාමේ දී කිසිදු විනිවිදභාවයක් නොමැති බව ද හෙළිදරව් වී තිබේබ.

මෙලෙස තම හිතවතුන් සහ සිත්ගත් පුද්ගලයන් තරඟ සංචාර සඳහා එක්කර ගනිමින්, මුදල් නාස්තිකිරීම නතර කරන ලෙස ද කෝප් කමිටුව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිලධාරීන්ට උපදෙස් දී තිබේ.

ක්‍රීඩකයන්ට භෞත චිකිත්සකයන් ප්‍රතිකාර කිරිමේ ගැටලු පවතින හෙයින්  ඒ සම්බන්ධයෙන් වහා සොයා බැලිය යුතු බව මන්ත්‍රීවරු කිහිප දෙනෙක්  මෙහිදී  පැවසූහ.

ශ්‍රී ලංකා ක්‍රිකට් පාලක මණ්ඩලයේ ඉදිරි දින තුනක දී නැවත කැඳවීමට ද කෝප් කමිටුව තීරණය කර ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles