spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකා ක්‍රිකට් ක්‍රීඩකයෝ සිනහසෙමින් ආපසු එති

පුවත්

විදෙස්

ලෝක කුසලාන තරඟාවලියේ ඉතාමත් දුර්වල තරඟ විලාශයක් පෙන්නුම් කරමින් තරඟාවලියට සහභාගී වූ රටවල් අතර 09 වැනි තැනට ඇදවැටුණු ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයෝ අද (10) උදෑසන යළි සියරට පැමිණියහ.

ඔවුන්ට පරාජය පිළිබඳ කණගාටුවක් ඇති බවක් පෙනෙන්නට නැතැයි ද ඉතාමත් විනෝදයෙන් සහ සිනා මුසු මුහුණින් පැමිණි බව ද කටුනායක ගුවන්තොටුපොළට සිද්ධිය වාර්තා කිරීමට ගොස් සිටි මාධ්‍යවේදීහු කියති.

එම තරඟාවලියේ මූලික වටයේ දී සෑම කණ්ඩායමක් ම තරඟාවලියට සහභාගීවන අනෙකුත් සියලු කණ්ඩායම් සමඟ තරඟ කළ යුතු අතර, ඒ අනුනව එක් කණ්ඩායමකට තරඟ 09ක් හිමිවෙයි. මෙම තරඟාවලියේ දී ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමට ජයගැනීමට හැකිවූයේ නෙදර්ලන්තය සහ එංගලන්තය සමඟ පැවැති තරඟ දෙක පමණි. ඒ අනුව ප්‍රසාද ලකුණු සටහනේ 09 වැනි ස්ථානය දක්වා ම ඇද වැටී සිටින ශ්‍රී ලංකා කණ්ඩායමට ඉදිරියේ දී පැවැත්වෙන චැම්පියන් කුසලාන ක්‍රිකට් තරඟාවලිය සඳහා සහභාගී වීමේ අවස්ථාව අහිමි වී තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!