spot_img

කොටස් වෙළෙඳ පොළ අද තත්වය

පුවත්

විදෙස්

කොටස් වෙළෙඳ පොළ අද (06) දිනයේ ගනුදෙනු 6,231ක්  සිදුකරමින් සමස්ත පිරිවැටුම රුපියල් මිලියන 780ක් වාර්තා වූ අතර කොටස් මිල දර්ශකය ඒකක 02ක් ඉහළ යාම හේතුවෙන් දිනය අවසානයේ සමස්ත කොටස් මිල දර්ශකය වාර්තා වූයේ ඒකක 10,791ක්  ලෙසිනි

වැඩිම පිරිවැටුමකින් කොටස් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 398
  • මෙල්ස්ටාකොප් සමාගම රුපියල් මිලියන 72
  • ලයන් බෲවරි සමාගම රුපියල් මිලියන 32

වැඩිම කොටස් ප්‍රමාණයක් ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් මිලියන 02
  • බ්‍රවුන්ස් ඉන්වෙස්ට්මන්ට් සමාගම කොටස් මිලියන 1.2
  • වැලිබල් වන් සමාගම කොටස් මිලියන 01

වැඩිම ප්‍රතිශතයකින් කොටස් මිල ඉහළ ගිය සමාගම්

  • රේඩියන්ට් ජෙම්ස් සමාගම 22%
  • අබාන්ස් සමාගම 13%
  • මයිලෑන්ඩ් සමාගම 13%

සංවෘත කවය තුළ ගනුදෙනු වූ සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම කොටස් 400,000ක් රුපියල් 192.50 බැගින්
  • මෙල්ස්ටා කොප් සමාගම කොටස් 457,000ක් රුපියල් 82.50 බැගින්

අද දිනය අවසානයේ වටිනාම සමාගම

  • ජෝන් කීල්ස් සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 267
  • එක්ස්පෝ ලංකා සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 259
  • සිලෝන් ටුබැකෝ සමාගම සමස්ත වත්කම් රුපියල් බිලියන 185

විදේශ ආයෝජකයන් අද දිනයේ රුපියල් මිලියන 231ක කොටස් මිල දී ගත් අතර රුපියල් මිලියන 329ක කොටස් විකුණා තිබිණි. ඒ අනුව ඔවුන් රුපියල් මිලියන 98ක මුදලක් කොටස් වෙළෙඳ පොළ වෙතින් ඉවත් කරගෙන තිබිණි.

විදේශ ආයෝජකයන් විසින් කොටස් මිල දී ගත් සමාගම්

  • නේෂන්ස් ට්‍රස්ට් බැංකුව රුපියල් මිලියන 0.9

විදේශ ආයෝජකයන් විසින් කොටස් විකුණන ලද සමාගම්

  • ජෝන් කීල්ස් සමාගම රුපියල් මිලියන 85
  • සම්පත් බැංකුව බැංකුව රුපියල් මිලියන 07
  • මෙල්ස්ටා කොප් සමාගම රුපියල් මිලියන 05

විශ්ලේෂණය – නීතිඥ රජින්ද්‍ර නාරංගොඩ

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles