spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාව ප්‍රසාද ලකුණු සටහනේ ඉහළ නගිද්දී, ලෝක ශූරයේ පහළට යයි

පුවත්

විදෙස්

ලෝක ශූරයන් වන එංගලන්ත කණ්ඩායම පරාජයට පත්කරමින් ශ්‍රී ලංකාව අද (26) පැවැති තරඟයෙන් කඩුළු 08ක ජයග්‍රහණයක් ලබාගැනීමට සමත්විය.

එම ජයග්‍රහණයත් සමඟ ශ්‍රී ලංකා කණ්ඩායම ප්‍රසාද ලකුණු සටහනේ 05 වැනි ස්ථානය දක්වා ඉහළට ගිය අතර එංගලන්තයට 09 වැනි ස්ථානයට පත්ව තිබේ.

කාසියේ වාසිය දිනාගත් එංගලන්ත නායකයා පළමුව පන්දුවට පහරදීමට තීරණය කළ අතර ඔවුන්ට පන්දුවාර 33.2ක දී සියලු දෙනා දැවී ලබාගත හැකි වූයේ ලකුණු 156ක් පමණි.

පැතුම් නිශ්ශංකගේ සහ සධීර සමරවික්‍රමගේ අගනා සම්බන්ධතාව හේතුවෙන් ඉතාමත් පහසුවෙන් එම ඉලක්කය සපුරාගත් ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 2.4ක දී කඩුලු ‍02ක් පමණක් දැවී ගොස් ලකුණු 160ක් ලබාගනිමින් තරඟය ජයගැනීමට සමත්විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!