බෝගම්බර රැඳවියන් PCR ඉල්ලා වහළ මත විරෝධතාවක

0
61

පීසීආර් පරීක්ෂණ සිදුකරන ලෙස ඉල්ලා පැරණි බෝගම්බර බන්ධනාගාරයේ රැඳවියන් පිරිසක් එහි වහළය මතට නැග විරෝධතාවක නිරතවන බව බන්ධනාගාර කොමසාරිස් (පාලන) චන්දන ඒකනායක පවසයි

ඔහු පවසන්නේ මත්ද්‍රව්‍යවලට ඇබ්බැහිවූවන් පිරිසක් මෙලෙස විරෝධතාවක නිරතවන බවයි. බන්ධනාගාර ආරංචිිමාර්ග සඳහන් කරන්නේ 100ක පමණ පිරිසක් මෙලෙස විරෝධතාවයේ නිරතව සිිටින බවයි. ඔවුන් කියා සිටිනේනේ මේ වනවිට බන්ධනාගාරයේ කොරෝනා පැතිරෙන බැවින් පීසීආර් පරීක්ෂණ සිදු නොකළහොත් තම ජීවිත අනතුර පත්වන බවයි.

බන්ධනාගාර දෙපාර්තමේන්තුව සඳහන් කරන්නේ මේ වනවිටත් පැරණි බෝගම්බර බන්ධනාගරය තුළ පීසීආර් පරීක්ෂණ 300ක් පමණ සිදුකර ඇති අතර අද (12) දිනයේ තවත් පරීඛ්සණ 90ක් කිරීමට නියමිතව ඇති බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here