දියවන්නා ඔයේ අතුරුදන් වූ තරුණයාගේ සිරුර හමුවෙයි

0
94

දියවන්නා ඔයේ දී ඔරුවක් හා බෝට්ටුවක් ගැටීමෙන් අතුරුදන් වූ තරුණයාගේ මළ සිරුරු අද (12) උදෑසන සොයාගත් බව වැලිකඩ ‌පොලිසිය පවසයි.

මෙලෙස මියගොස් ඇත්තේ බුත්ගමුව ප්‍රදේශයේ පදිංචි 26 හැවිරිදි අයෙකි. ඔහු තවත් අයකු සමග පොල්දූව පාලම යට ඇති ආරක්ෂිත දැල් ඉවත්කර ඔරුවෙන් දියවන්නා ඔයට පැමිණ සිටිය දී ඊයේ (11)  මුර සංචාරක බෝට්ටුවක ගැටී අතුරුදන්වූයේය.

නාවික හමුදාව සහ වැලිකඩ පොලිසිය කිමිදුම් කරුවන් යොදවා මෙහෙයුමක් ආරම්භ කර තිබිණි. පොලිසිය පවසන්නේ ඔරුවේ සිට දිවි ගලවාගත් අනෙක් තැනැත්තා පොලිස් භාරයේ තබාගෙන වැඩිදුර පරීක්ෂණ පවත්වන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here