9.8 C
New York

IMF දෙවැනි වාරිකය ලැබෙනවා යැයි රජය කියයි

Published:

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල (IMF) මගින් දෙවැනි වාරිකය ලබන සතියේ දී හිමිවීමට නියමිතයැයි මුදල් රාජ්‍ය අමාත්‍ය රංජිත් සියඹලාපිටිය පවසයි.

ඔහු පවසන්නේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමඟ පැවැති සාකච්ඡා ඉතාමත් සාර්ථක මට්ටමකට පැමිණ ඇති බබවයි.

එසේ වුව ද ජාත්‍යන්ත මූල්‍ය අරමුදල සහ ශ්‍රී ලංකා රජය අතර එකඟතා අතරින් මේ වනවිට සම්පූර්ණකළ නොහැකි වූ එකඟා ඇත. ඒ පිළිබඳ විමසූ විට රාජ්‍ය අමාත්‍යවරයා පවසා සිටියේ “අපි ගැඹුරු ආගාධයක ඉදලා එක සැරේ අහවල් දවසේ මෙහෙම කරන්න කිව්වට එහෙම කරන්න බෑ. අපි ඉතා දරුණ ආර්ථික ආගාධයකට වැටුණේ. ඒ ආගාධයෙන් අපි දැන් ගොඩඑමින් සිටිනවා. සාකච්ඡා සාර්ථකව පැවැත්වෙනවා. අපේ එකඟතාවලින් ඇතැම් දේ ප්‍රමාදවෙලා තියෙනවා. ඉතාමත් ඉක්මණින් දෙවැනි වාරිකය ගැන ලැබේවියැයි බලාපොරොත්තු වෙනවා.” යනුවෙනි.

Related articles

Recent articles

spot_img