spot_img
spot_imgspot_img

වෛද්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරලා. දරුවන් 06 දෙනාගේ උපත සැමරිය යුතු නෑ

පුවත්

විදෙස්

කොළඹ, කාසල් රෝහලෙන් වාර්තා වූ සය දරු උපත සැමරීමට දැන්ම උනන්දු නොවන ලෙසත් දරුවන් සය දෙනා නිවෙස්වෙත යවනතුරු සිටින ලෙසත් එම රෝහලේ අධයක්ෂවරයා ඉල්ලා ිසටියි.

මෙම දරුවන් බිහිකර ඇත්තේ වේයන්ගොඩ ප්‍රදේශයේ පදිංචි කාන්තාවක විසිනි. ඇය විවාහ වී වසර 12ක් ගතවන තුරු දරුවන් නොමැතිවීම හේතුවෙන් ඩිම්බ තැන්පත් කිරිමේ ක්‍රමයට දරුවන් බිහිකිරීමට තීරණය කර තිබිණි.

කලල තැන්පත් කිරීමෙන් පසු දරුවන් 05 දෙනකු වැඩෙන බව වෛද්‍යවරු තීරණය කර තිබූ අතර සති 26කිස් පසු කාසල් රෝහලට ඇතුළත්ව ඇත්තේ ප්‍රතිකාර ලබාගැනීමේ අරමුණෙනි. ඇයට එම අවස්ථාවේ දරු ප්‍රසූතියක ලක්ෂණ ඇතිවීම නිසා ප්‍රසව සහ නාරි වෛද්‍යවරු සිව් දෙනකු එක්ව සිසේරියන් සැත්කමක් මගින් දරුවන් බිහිකළ අවස්ථාවේ පෙනී ගොස් තිබුණේ දරුවන් පස් දෙනකු නොව 06 දෙනකු සිටින බයි.

ඔවුන්ගේ උපත් බර ඇත්තේ ග්‍රෑම් 400-700 අතර බැවින් නොමේරු දරුවන්ට ලෙස ප්‍රතිකාර සඳහා යොමුකර ඇත.

කාසල් රෝහලේ අධ්‍යක්ෂ වෛද්‍ය අජිත් දන්තනාරායන සඳහන් කළේ දැනට දරුවන් නවජ ළදරු ඒකක‍ේය ප්‍රතිකාර ලබන බවයි. එමෙන් ම මව දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටියි.

ඔහු වැඩිදුරටත් කියා සිටියේ මෙවැනි කතාවකි.

“දරුවන් හය දෙනාම අඩුබරින් යුක්තයි. මව දැඩි සත්කාර ඒකකයට යොමු කරලා පසුව සාමාන්‍ය වාට්ටුවට ඇතුළත් කළා. ඇගේ සෞඛ්‍ය තත්වය යහපත්. නමුත් දරුවන් හය දෙනාටම කෘතිම ශ්වසන යන්ත්‍ර සවිිකිරීමට අපට සිදුවුණා. මේ දරුවන් ජීවත් කරවීමට වෛද්‍යවරු දැඩි වෙහෙසක් ගන්නවා. ඖෂධ සහ උපකරණවලත් පහසුකම්වලත් ගැටලුවක් නැහැ.”

කාසල් රෝහලේ ළමා රෝග විශේෂඥ වෛද්‍යවරයකු කියා සිටියේ මේ දරුවන් සති 26කින් බිහි වූ බැවින් ඔවුන් ජීවත්කරවීමට දැඩි වෙහෙසක් ගැනීමට සිදුවන බවයි.

ළමා රෝග විශේෂඥ වෛද්‍ය සමන් කුමාර පවසන්නේ “සය දරු උපත සැමරිය යුතු දෙයක් නොවන බවයි. එයසැමරීම අවශ්‍ය වන්නේ දරුවන් සියලු දෙනාම සුවසේ නිවසට යැවීමට හැකිවූ විට” යනුවෙනි.

කෙසේ වෙතත් මෙය වෛද්‍ය විද්‍යාවේ ආචාර ධර්ම උල්ලංඝනය කිරීමක් ලෙස සැළකිය හැකි කරුණකි.

“ජාත්‍යන්තර සම්මතය අනුව යම් මවකට කෘතිමව කලල ගර්භාෂයේ තැන්පත් කරන්නේ නම් කළ යුතු වන්නේ කලල එකක් හෝ දෙකක් තැන්පත් කිරීමයි. නමුත් ශ්‍රී ලංකාවේ ඇතැම් වෛද්‍යවරු තමන්ගේ කාර්යය කෙසේ හෝ සාර්ථක කරගැනීමේ අපේක්ෂාවෙන් වෛද්‍ය ආචාරධර්ම උල්ලංඝනය කරමින් කලල වැඩි ගණනක් තැන්පත් කිරීම සිදුවෙයි. ඒ හේතුවෙන් මෑතක සිට ශ්‍රී ලංකාව තුළ දී කෘතිමව කලල තැන්පත් කළ මව්වරුන් දරුවන් 4-6ක් පමණ එකවර බිහිකිරීමේ ප්‍රවණතාවක් දක්නට ලැබේ. මෙය සිදු නොවිය යුතු කරුණක් බව ද විශේෂඥ වෛද්‍ය සමන් කුමාර පවසයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!