0.5 C
New York

ශිෂ්‍යත්ව ප්‍රශ්න පත්‍ර පිටවුණේ කෙසේ ද ?

Published:

ශිෂ්‍යත්ව විභාගය ඊයේ (15) අවසන් වී පැය දෙකක් ගත වීමටත් පෙර විභාග ප්‍රශ්න පත්‍ර දෙකම පිටවී ඇති බව වාර්තා වෙයි.

එසේ වුව ද 2017 හඳුන්වා දුන් නීති අනුව විභාගය නිම වී ප්‍රතිඵල පිටවන තුරු ම එම ප්‍රශ්න පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය ලේඛන වන අතර ඊට පෙර එය ප්‍රසිද්ධියට පත්වීම දැඩි වරදකි.

මේ වනවිට වාර්තාවන ආකාරයට, විභාගය අවසන් වී පැය 02ක් ගතවන විට පිට වී ඇත්තේ අංක 218013 දරන දෙවැනි ප්‍රශ්න පත්‍රය සහ අංක 61313 දරන පළමු ප්‍රශ්න පත්‍රයයි.

මෙම නීතිය හඳුන්වා දීමෙන් පසු මින් පෙර අවස්ථාවකදී විභාගයේ ලකුණු පටිපාටි පිට කිරීමට වැරදිකාරියක වූ ගාල්ල ප්‍රදේශයේ ගුරුවරියකට සිර දඬුවම්ද නියම කර තිබිණි.

Related articles

Recent articles

spot_img