ශිෂ්‍යත්ව විභාගය ඊයේ (15) අවසන් වී පැය දෙකක් ගත වීමටත් පෙර විභාග ප්‍රශ්න පත්‍ර දෙකම පිටවී ඇති බව වාර්තා වෙයි.
එසේ වුව ද 2017 හඳුන්වා දුන් නීති අනුව විභාගය නිම වී ප්‍රතිඵල පිටවන තුරු ම එම ප්‍රශ්න පත්‍ර විභාග දෙපාර්තමේන්තුවේ රහස්‍ය ලේඛන වන අතර ඊට පෙර එය ප්‍රසිද්ධියට පත්වීම දැඩි වරදකි.
මේ වනවිට වාර්තාවන ආකාරයට, විභාගය අවසන් වී පැය 02ක් ගතවන විට පිට වී ඇත්තේ අංක 218013 දරන දෙවැනි ප්‍රශ්න පත්‍රය සහ අංක 61313 දරන පළමු ප්‍රශ්න පත්‍රයයි.
මෙම නීතිය හඳුන්වා දීමෙන් පසු මින් පෙර අවස්ථාවකදී විභාගයේ ලකුණු පටිපාටි පිට කිරීමට වැරදිකාරියක වූ ගාල්ල ප්‍රදේශයේ ගුරුවරියකට සිර දඬුවම්ද නියම කර තිබිණි.
ප්‍රශ්න පත්‍ර පිටවීම වරදකි. ඊට වඩා ලොකු වරදක් අධ්‍යාපන බලධාරීන් හා අප විසින් සිදු කරයි. මන්ද යත්, අපි දරුවන් සදහා සහයෝගය පරිසර හිතකාමී බව හා බාහිර ක්‍රියාවලිය තුලින් පෞරුෂය වර්ධනය කිරීම කළා නම් උසස් අධ්‍යාපන සාර්ථක පුපුරවැසියකු බිහි කිරීමට හේතු වනු ඇත. දැන් ඊට වඩා ලොකු අගාධයකට පත් කර ඇත. දැන්වත් හරවමු අධ්‍යාපන ප්‍රතිපත්ති හිතකාමී ආදර්ශමත් රටක් හා දරු පරපුරක් බිහි කිරීමට ….. ස්තුතියි