spot_img
spot_imgspot_img

ඊශ්‍රායලය ලෙබනනයටත් පහර දීම අරඹයි. ඇමෙරිකාවේ සහයත් ලැබෙයි

පුවත්

විදෙස්

ඊශ්‍රායලය ලෙබනනයේ දකුණු දේශසීමා වෙත ප්‍රහාරයක් එල්ල කර ඇතැයි විදෙස් මාධ්‍ය වාර්තා කරයි.

හිස්බුල්ලා සටන්කාමීන් එල්ල කළ ප්‍රහාරවලට ප්‍රතිචාර වශයෙන් ඊශ්‍රායලය මෙම ‍ප්‍රහාරය එල්ල කර ඇතැයි පැවසේ.

ඒ සමග ඊශ්‍රායල සහ ලෙබනන් හමුදා අතරත් ගැටුම් ක්‍රියාත්මක වී තිබේ. ඊශ්‍රායලය මෙලෙස එල්ල කළ ප්‍රහාරයක් දකුණු ලෙබනන දේශසීමාවේ සිට සජිවී විකාශන සිදු කරමින් සිටි මාධ්‍යවේදීන් පිරිසක් වෙත එල්ලවී තිබුණි.

ඉන් රොයිටර්ස් මාධ්‍ය ජාලයේ කැමරා ශිල්පියෙකු මිය ගොස් ඇති අතර මාධ්‍ය ජාල කිහිපයක මාධ්‍යවේදීන් 6 දෙනෙකු තුවාල ලබා තිබේ.

මේ අතර දින 8ක් පුරා ඊශ්‍රායලය සහ හමාස් සටන්කාමීන් අතර ක්‍රියාත්මක ගැටුම්වලින් දෙපාර්ශ්වයේම මිය ගිය පිරිස 3,200 ඉක්මවා ඇත.

යුද්ධය ඇරඹි ගෙවුණ 14 වනදා පටන් හමාස් සටන්කාමීන් එල්ල කළ ගුවන් ප්‍රහාර සහ ඊශ්‍රායලයට ඇතුළුවී එල්ල කළ ප්‍රහාරවලින් මිය ගොස් ඇති ඊශ්‍රායල වැසියන් ගණන 1,300 ට අධිකය.

ඊයේ දිනයේ ද හමාස් සටන්කාමීන් මධ්‍යම ඊශ්‍රායලය ඉලක්ක කර රොකට් ප්‍රහාරයක් එල්ල කර තිබුණි.

මේ අතර, යුද්ධය ඇරඹි පසුගිය සති අන්තයේදී හමාස් සටන්කාමීන් ඊශ්‍රායලයේ හොලිට් ජනාවාසය වෙත ඇතුළුව එහි සිටි දරුවන් සමග සිටින විඩීයෝවක් නිකුත් කර තිබුණි. කෙසේ වුවද මෙම දරුවන්ගේ දෙමව්පියන් පිළිබඳ තොරතුරු කිසිවක් හෙළිවී නැත. මේ අතර හමාස් සටන්කාමීන්ගේ ප්‍රාණ ඇපකරුවන් බවට පත් ඊශ්‍රායල වැසියන් ගාසා තීරයේ රහසිගත පෙදෙස්වල රඳවා ඇතැයි ඊශ්‍රායලය පවසයි.

එම ප්‍රාණ ඇපකරුවන් අතර ළමුන් 13 දෙනෙකු ද සිටින බව විදෙස් වාර්තා පෙන්වා දෙයි.

ඊශ්‍රායල ප්‍රහාරවලින් මිය ගොස් ඇති පලස්තීන වැසියන් ගණන 1,900 ඉක්මවන අතර තුවාල ලැබූ පිරිස 8,000 කට ආසන්නය.

ගාසා තීරයට ඇතුළු වී පළමු මෙහෙයුම දියත් කළ බව ඊශ්‍රායල හමුදාව පවසයි. ඒ ත්‍රස්තවාදය තුරන් කිරීමේ සහ ඊශ්‍රායල ප්‍රාණ ඇපකරුවන් රඳවා ඇති ස්ථාන පිළිබඳ සාක්ෂි සොයා ගැනීමේ අරමුණින් බවද ඔවුන් සඳහන් කරයි.

අතුරුදන් වූ ඊශ්‍රායල ජාතිකයින් කිහිප දෙනෙකුගේ සිරුරු හමුවී ඇති බව ද ඊශ්‍රායල බලධාරීන් පවසයි.

ඊශ්‍රායල අගමැති බෙන්ජමින් නෙතෙන්යාහු පවසා ඇත්තේ,  

“අපි ඉතාමත් ශක්තිමත්ව සතුරන්ට පහර දෙනවා. මම අවධාරණය කරනවා, මේ ආරම්භය පමණයි. මේ අපේ සතුරන් ප්‍රතිවිපාක විඳින්න පටන් ගත්තා විතරයි. ඉදිරි සැලසුම් මම පවසන්නේ නැහැ. නමුත් මම කියන්නේ මෙය ආරම්භය පමණයි.”

මේ අතර ඊයේ ඊශ්‍රායලය වෙත ගිය අමෙරිකානු ආරක්ෂක ලේකම් ලොයිඩ් ඔස්ටින්, ඊශ්‍රායලයට සහාය දක්වන බව අවධාරණය කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!