spot_img
spot_imgspot_img

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිසම අහෝසියි ?

පුවත්

විදෙස්

විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ‍අහෝසිකර සමස්ත විශ්වවිද්‍යාල පද්ධතියේ පරිපාලනය කැලි‍ෆෝනියා සහ බීජිං විශ්වවිද්‍යාල ක්‍රමවේදය අනුව සකස්කිරීමට ඇති හැකියාව පිළිබඳ අධ්‍යයනය කරමින් සිටින බව ජනාධිපති රනිල් වික්‍රමසිංහ පවසයි.

ඔහු මේ බව කියා ඇත්තේ පසුගිය දා ජනාධිපති මන්දිරයේ දී විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ගේ සංගමය සමඟ පැවැති සාකච්ඡාවක දී ය.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන්ට ලබා දෙන අධ්‍යයන පර්යේෂණ දීමනාව වැඩිකර ගැනීම හා එම දීමනාව දැනට ක්‍රියාත්මක කරනු ලබන උපයන විට අයකරනු ලබන බද්දෙන් නිදහස් කර ගැනීම ඇතුළු කරුණු පිළිබඳ සාකච්ඡා කිරීමට විශ්වවිද්‍යාල ආචාර්යවරු ජනාධිපතිවරයා හමු වී තිබේ.

එහි දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ ඔවුන්ට පවසා ඇත්තේ අධ්‍යයන පර්යේෂණ දීමනාව වැඩිකිරීමට දැනට ඇති චක්‍රලේඛ අනුව ප්‍රතිපාදන නොමැති බවයි. නමුත් එම මුදල් උපයනවිට බදු අයකිරීමෙන් නිදහස් කර වෙනත් චක්‍රලේඛයක් නිකුත් කිරිමේ හැකියාව පිළිබඳ සොයා බලා සති 03ක් ඇතුළත දැනුම් දෙන ලෙස ජනාධිපතිවරයා නිලධාරීන්ට උපදෙස් ලබා දී තිබේ.

විශ්වවිද්‍යාල ආචාර්යවරුන් ගේ සමිති සම්මේලනයේ මාධ්‍ය ප්‍රකාශක ජ්‍යේෂ්ඨ කථිකාචාර්ය චාරුදත්ත ඉලංගසිහ එම සාකච්ඡාවෙන් පසු කියා සිටියේ තමන් ඉදිරිපත් කළ ගැටලුවලට කඩිනමින් විසඳුම් අවශ්‍යකරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!