spot_img
spot_imgspot_img

පන්සලේ සිට, තම නිවසට ගිය හිමිනම ඝාතනය කරලා

පුවත්

විදෙස්

පොතුහැර, ලිහිණිගිරිය පොත්ගුල් විාහරස්ථානයේ වාසය කළ බැවිලිගමුවේ සුජාත හිමි (64) තියුණු ආයුධකයකින් පහර දී ඝාතනය කර ඇතැයි පොතුහැර පොලිසිය කියයි.

මෙම ඝාතනය සිදුව ඇත්තේ පොතුහැර, පරබැවිල් ප්‍රදේශයේ පිහිටි, එම හිමියන්ට අයිති පුද්ගලික නිවසක දී ය.

ශ්‍රි ලංකා යුධ හමුදාවේ ඉංජිනේරු බලකායේ සේවය කර විශ්‍රාම ගොස් සිටිය දී පසුගිය මාර්තු මාසයේ දී පැවිදි වූ ඒ හිමියන් ඊට පෙර විවාහ වී සිටි බිරිඳ වසර 25කට පෙර හැරදමා ගොස් ඇති බව ද අනාවරණය වී තිබේ.

පොලිසිය සඳහන් කරන්නේ ඒ හිමියන්ගේ නිවස රැකබලා ගැනීමට යුවළකට බාර දී තිබූ වයි. ඝාතනය සිදුව ඇති පසුගිය 29 වැනි දා රාත්‍රී කිසියම් පුද්ගලයකු හිමියන් හමුවීමට පැමිණ ඇති අතර නිවස රැකබලාගන්නා යුවළට එම නිවසින් පිටව යන ලෙස පවසා හිමියන් නිවසට ගොස් ඇති බව ද පොලිසිය සඳහන් කළේය.

පොලිසිය සඳහන් කරන්නේ හිමියන්ගේ ගෙලට තියුණු ආයුධයකින් පහර දී මෙම ඝාතනය කර ඇති බවයි. එදින රාත්‍රී හිමියන් හමු වූ පුද්ගලයා ඝාතනයට සම්බන්ධ යැයි ද පොලිසිය සැකකරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!