spot_img
spot_imgspot_img

උණවටුනේ දී විදෙස් කතකට අතවර කරලා

පුවත්

විදෙස්

සම්බාහන සේවා ලබාගැනීමට පැමිණි 38 හැවිරිදි විදෙස් කතකට අතවර කළා යැයි චෝදනාව මත උණවටුන යද්දෙහිමුල්ලේ සම්බාහන මධ්‍යස්ථානයක හිමිකරු සහ සේවකයකු අත්අඩංගුවට ගත් බව හබරාදුව පොලිසිය පවසයි.

එම සම්බාහන මධ්‍යස්ථානය විදේශිකයන්ට සම්බාහන සේවා සපයන ආයතනයකි. අයර්ලන්ත ජාතික 38 හැවිරිදි කාන්තාව ඊයේ (16) එහි පැමිණ සම්බාහන සේවා ලබාගනිමින් සිටිය දී එම මධ්‍යස්ථානයේ හිමිකරු සහ සේවකයකු තමන්ට අතවර කළ බව එම කාන්තාව විසින් පොලිසියට පැමිණිලි කර ඇත.

පොලිසිය පවසන්නේ ලිංගික අතවර කිරීම සහ අතවර කිරීමට ආධාර අනුබලදීම යන චෝදනා මත ඔවුන් අධිකරණයට ඉදිරිපත් කරන බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!