spot_img
spot_imgspot_img

ශ්‍රී ලංකාව ජාත්‍යන්තරය හමුවේ නිරුවත් වෙයි ?

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ මානව හිමිකම් ආරක්ෂා කිරීම සඳහා ඉටුකරන බවට මෙරට රජය විසින් එක්සත් ජාකීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (unhrc) 30/1 යෝජනාව යටතේ ක්‍රියාත්මක කිරීමට එකඟ වූ කැපකිරීම්වලින් මේ වනවිට සාර්ථකව ඉටුකර ඇත්තේ 19.4%ක් වැනි ඉතාමත් සුළු ප්‍රමාණයකි.

මෙම එකඟතාවලට ශ්‍රී ලංකා රජය එළැඹියේ 2015 වර්ෂයේ දී ය. එම වසරේ ඔක්තෝබර් මාසයේ දී යෝජනාව සම්මත කර දැනට වසර 08ක් ගතව ඇත් ශ්‍රී ලංකාව අත්පත් කරගෙන ඇති ප්‍රගතිය ඉතාමත් අවම මට්ටමක පවතී. 19.4%ක් සාර්ථකව ඉටුකරද්දී 61.1% ප්‍රමාණයක් ශ්‍රී ලංකාව ලබා ඇති ප්‍රගතිය දුර්වල හෝ කිසිදු ප්‍රගතියක් නොමැති තත්වයක පවතී.

මේ බව සඳහන් කරන්නේ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලෙය් 30/1 යෝජනාව ක්‍රියාත්මක කිරීමේ ප්‍රගතිය පිළිබඳ අපක්ෂපාතීව අධීක්ෂණය කිරීම සඳහා වෙරිටේ රිසර්ච් ආයතනය මගින් පවත්වාගෙන යන ‘UNHRC මොනිටරය’ නමැති වැඩසටහන විසිනි.

ශ්‍රී ලංකාව සම්බන්ධ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සලයේ 30/1 යෝජනාවෙහි එකිනෙකට වෙනස් ක්‍රියාකාරී කැපවීම් 36ක් අඩංගු විය. මෙම කැපවීම්වලින් 07ක් (19.4%) ‘ඉටුකළ’කැපවීම් ලෙසත්, 07 (19.4%) ‘අර්ධ වශයෙන් ප්‍රගතියක්’ ලබා ඇති ලෙසත්, 18 (50%) ‘දුර්වල ප්‍රගතියක්’ ලබා ඇති ලෙස සහ 04 (11.1%) ‘කිසිදු ප්‍රගතියක් ලබා නැති’ කැපවීම් ලෙසත් එම “UNHRC මොනිටරය” විසින් වර්ගීකරණය  කර ඇත.

මෙම කැපවීම් ප්‍රධාන තේමා 05යටතේ වර්ග කළ හැකිය:

අයිතිවාසිකම් සහ නීතියේ ආධිපත්‍යය (කැපවීම් 15)

සංක්‍රාන්ති යුක්තිය සහ සංහිඳියාව (09)

ආරක්ෂාව සහ හමුදා බලය ඉවත් කීරීම (07)

ජාත්‍යන්තර මැදිහත්වීම (03)

බලය බෙදීම (02)

සාර්ථකව ඉටු කර ඇති කැපවීම් හත නම්

  • පුළුල් සංක්‍රාන්ති යුක්ති ක්‍රියාවලීන්හි නිරත වීම
  • අතුරුදහන් වූවන් පිළිබඳ කාර්යාලයක් පිහිටුවීම
  • වන්දි ගෙවීම සඳහා කාර්යාලයක් පිහිටුවීම
  • බලහත්කාරයෙන් අතුරුදහන් කිරීම්වලින් සියලු පුද්ගලයන් ආරක්ෂා කිරීම සඳහා වූ ජාත්‍යන්තර සම්මුතියට අත්සන් තැබීම සහ අනුමත කිරීම
  • බලහත්කාරයෙන් අතුරුදන් කිරීම අපරාධයක් බවට පත් කිරීම
  • ශ්‍රී ලංකා රජය සහ එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් පිළිබඳ මහ කොමසාරිස් කාර්යාලය (OHCHR) අතර තිරසාර සහයෝගීතාව
  • විශේෂ කාර්ය පටිපාටි විධාන දරන්නන් සමඟ සහයෝගයෙන් කටයුතු කිරීම, යන ඒවා ය.

පසුගිය ජනාධිපති කොමිෂන් සභා වාර්තා ප්‍රකාශයට පත් කිරීම සහ අතුරුදහන් වූවන්ගේ පවුල්වලට නොපැමිණීමේ සහතික නිකුත් කිරීම යනාදිය ඇතුළුව අර්ධ වශයෙන් ඉටු වී ඇති කැපවීම් හතක් ඇත.

  • සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීම
  • මාධ්‍යවේදීන්ට, මානව හිමිකම් ආරක්ෂකයින්ට
  • ආගමික සුළුතරයට සහ සිවිල් සමාජයට එරෙහිව එල්ල වූ ප්‍රහාර විමර්ශනය කිරීම
  • එම ප්‍රහාරවලට වගකිවයුත්තන් හඳුනා ගැනීම
  • අනාගතයේදී එවැනි ප්‍රහාර වළක්වා ගැනීම

යනාදිය 2015 වර්ෂයේ සිට ‘දුර්වල ප්‍රගතියක’ පවතින ප්‍රධාන කැපවීම් කිහිපයකි.

  • මානව හිමිකම් සහ ජාත්‍යන්තර මානුෂීය නීති උල්ලංඝණය කිරීම් විමර්ශනය සඳහා විශේෂ උපදේශනයක් සහ ජාත්‍යන්තර මැදිහත්වීමක් සහිත අධිකරණ යාන්ත්‍රණයක් පිහිටුවීම යන කැපවීම 2018 පෙබරවාරි මාසයේ සිට ‘ප්‍රගතියක් නැති’ තත්ත්වයක පවතී.
  • මහජන ආරක්ෂක ආඥාපනත සමාලෝචනය කිරීමේ කැපවීම සඳහා කිසිඳු ආකාරයේ ප්‍රගතියක් අත්කර ගැනීමට 2015 වර්ෂයේ සිට බලයට පත්වූ කිසිඳු රජයක් සමත්ව නැත.

2017 මාර්තු මස පැවති 34 වැනි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිල් (UNHRC) සැසියේදී, ශ්‍රී ලංකා රජය විසින් 34/1 යෝජනාවට සම අනුග්‍රහය දක්වනු ලැබීය – එය 30/1 යෝජනාවේ කැපවීම් නැවත තහවුරු කිරීමක් විය. එසේම 2019 මාර්තු මස පැවති 40 වැනි සැසියේදී ද රජය 40/1 යෝජනාවට සම අනුග්‍රහය දැක්වු අතර, එයින් 30/1 යෝජනාවෙන් අපේක්ෂා කළ සංහිඳියාව සඳහා වූ සිය කැපවීම් නැවත තහවුරු කරන ලදී.

කෙසේ වෙතත්,

2020 පෙබරවාරි මාසයේදී, ශ්‍රී ලංකා රජය එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ (UNHRC) 2019 40/1 යෝජනාවේ සම අනුග්‍රාහකත්වයෙන් ඉවත් වීමට ගත් තීරණය, 2017 මාර්තු 34/1 යෝජනාවේ පූර්වගාමී විධිවිධානවලින් ඉවත් වීමට ගත් තීරණය සහ 2015 ඔක්තෝබර් 30/1 යෝජනාවෙන් ඉවත් වීමට ගත් තීරණය පිළිබඳව එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් මහ කොමසාරිස් කාර්යාලයට (OHCHR) දැනුම් දී ඇත.

2016 ජුනි, 2017 මාර්තු, 2018 පෙබරවාරි, 2019 මාර්තු, 2020 පෙබරවාරි, 2021 පෙබරවාරි, 2022 මාර්තු, 2023 පෙබරවාරි සහ 2023 අගෝස්තු යන මාසවල 30/1 යෝජනාවෙහි කැපවීම් ඉටු කිරීමේදී ශ්‍රී ලංකාවේ ප්‍රගතිය පිළිබඳ විශ්ලේෂණයක් වෙරිටේ රිසර්ච් නිකුත් කර ඇත.

www.veriteresearch.org/thematic/law/. ඔස්සේ මෙම විශ්ලේෂණයට ප්‍රවේශය විය හැක.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!