spot_img
spot_imgspot_img

හැංඟි හැංඟී වෙස්මූණු බැන්ද දිලිත්, එළිපිටම නටයි

පුවත්

විදෙස්

කැලණියේ නාගයා වැනි ආන්දෝලනාත්මක දේශපාලන ප්‍රචාරක කටයුතු ඉටුකරන ලද දිලිත් ජයවීර දේශපාන ක්ෂේත්‍රයට ප්‍රසිද්ධියේ ම පිවිස සිටියි.

මව්බිම ජනතා පක්ෂයේ නායත්වය දිලිත් ජයවීර හිමිව ඇති අතර එම පක්ෂයේ සළකුණ වන්නේ ගුවන් යානයයි.

ප්‍රසිද්ධ මාධ්‍ය ජාලයක සහ දැන්වීම්කරණ ආයතනයක ඇතුළු ව්‍යාපාර කිහිපයක හිමිකරුවකු වන දිලිත් ජයවීර ශ්‍රී ලංකාවේ පැවැති මැතිවරණ කිහිපයක දී ම තීරණාත්මක මැතිවරණ ප්‍රචාරක කාර්යයන් සිදුකළේය.

පක්ෂ විපක්ෂ දේශපාලනඥයන් වෙනුවෙන් දේශපාලන ප්‍රවර්ධන කටයුතු සිදුකළ දිලිත් ජයවීරගේ දෙරණ මාධ්‍ය ජාලය ඔස්සේ පසුගිය ජනාධිපතිවරණ අවස්ථාවේ විකාශය කෙරුණු කැලණි ග‍ඟෙන් නාගයකු මතුවීමේ සිද්ධිය ඉතාමත් ආන්දෝලනාත්මක විය. එය මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රවීණයන්ගේ පවා දෝෂ දර්ශනයට ලක් වූ අතර දිලිත් ජයවීර පසුව කියා සිටියේ එහි සත්‍ය අසත්‍යතාව කවරක් වුව ද මහාචාර්ය භික්ෂුවක් කියන කතාව වාර්තා කළ බවයි.

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම දිලිත් ජයවීරගේ අරමුණ වී ඇතැයි දේශපාලන සහ ව්‍යාපාරික ‍ආරංචිමාර්ග සඳහන් කරයි.

1 COMMENT

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!