ඇසළ පෙරහැර නැරඹී සඳහා පැමිණි පුද්ගලයන් විසින් දමා ගිය කැළි කසළ ටොන් 250කට වැඩි ප්‍රමාණයක් එකතුකළ බව මහනුවර මහ නගර සභාවේ කසළ කළමනාකරණ ඒකකය පවසයි.
එහි ප්‍රධාන ඉංජිනේරු නාමල් දිසානායක පවසන්නේ පෙරහැර නැරඹීමට එන පුද්ගලයන් පොලිතීන්, ඉවතලන ආහාර පාන ඇතුළු කසළ පෙරහැර පැවති දින 10 පුරාම ඉවත්කිරීමේ දී මේ තරම් විශාල කසළ ප්‍රමාණයක් ඉවත් කිරීමට සිදුවූ බවයි.
මේ අතර අලි ඇතුන්ගේ මළ පහ සහ අලින්ට ආහාර සඳහා ලබාදුන් කොටස්වල ඉතිරි අවශේෂ ටොන් 15ක් පඹණ දිනකට ඉවත්කළ බව ද ඔහු පවසයි. පෙරහැර නැරඹීමට පැමිණෙන පුද්ගලයන් රැගෙන ආ ප්ලාස්ටික් බෝතල්, පොලිතීන් සහ සෙල්ලම් භාණට, ආහාර බහාලුම් පෙට්ටි ආදිය ටොන් 05කට වැඩි ප්‍රමාණයක් සහ ඉවතලන ආහාර ටොන් 05කට වැඩි ප්‍රමාණයක් දිනපතා ඉවත්කළ බව ඉංජිනේරු දිසානායක කියා සිටියේය.
ඔහු වැඩිදුරටත් කියා සිටියේ නගර සභා කසළ කළමනාකරණ මධ්‍යස්ථානයේ දී කසළ ටොන් 250කට වැඩි ප්‍රමාණයක් ප්‍රතිචක්‍රීකරණ කටයුතු සඳහා වර්ගීකරණය කරමින් සිටින බවයි. ජනතාව කසළ බැහැර කිරීමේ දී ඒවා වර්ගීකරණය නොකර සියල්ල එකට බැහැර කිරීම විශාල ගැටලුවක් බව ද හෙතෙම පෙන්වා දෙයි.
කසළ වෙන්කර බැහැර කිරීම සඳහා අවශ්‍ය බහාලුම් තබා තිබුණ ද ඒවාට නිසි පරිදි බැහැර නොකිරීමෙන් මෙම කත්වය ඇතිවන බව ඔහු කීවේය.