14.9 C
New York

කාන්තාවකගේ මොළයෙන්, පරපෝෂිත පණුවෙක් එළියට ගනී

Published:

කාන්තාවකගේ මොළය තුළ ජීවත් වූ පරපෝෂිත පණුවෙක් සොයාගත් බව වෛද්‍යවරු කණ්ඩායමක් පවසති.

සෙන්ටිමීටර 08ක් පමණ දිගැති මෙම පරපෝෂිත පණුවා සොයාගෙන ඇත්තේ ඕස්ට්‍රේලියාවේ කැන්බරා රෝහලේ වෛද්‍යවරු කණ්ඩායමක් විසිනි.

ඕස්ට්‍රේලියාවේ 64 හැවිරිදි කාන්තාවකට අධික හිසරදය සමඟ ඇති වූ අසාමාන්‍ය රෝග ලක්ෂණ හේතුවෙන් කරන ලද එම්ආර්අයි පරීක්ෂණයකින් අනාවරණය වී ඇත්තේ මොළයේ යම් ආගන්තු ව්‍යුහයක් ඇති බවයි. ඒ අනුව මොළයේ සිදුකරන ලද සැත්කමකින් මෙම පණුවා සොයාගෙන ඇත.

කැන්බරා රෝහලේ සිටින ශ්‍රී ලාංකික වෛද්‍යවරයකු වන සංජය සේනානායක පවසන්නේ විශේෂඥ ශල්‍ය වෛද්‍ය හරිප්‍රියා විසින් මෙම පණුවා ඉතාමත් සියුම් ලෙස මොළයෙන් ඉවත්කරගත් බවයි.

වෛද්‍යවරුන්ගේ මතය වන්නේ මෙම පණුවා මාස 08ක පමණ කාලයක් එම කාන්තාවගේ මොළය තුළ ජීවත්වන්නට ඇති බවයි.

මිනිසකුගේ මොළයෙන් මෙවැනි පරපෝෂිත පණුවකු වාර්තා වූ පළමු අවස්ථාව මෙය බවත් එබැවින් මේ සම්බන්ධයෙන් පරීක්ෂණ රැසක් කිරීමට සිදුවනු ඇති බවත් වෛද්‍යවරු කියති.

Related articles

Recent articles

spot_img