spot_img

දැරියකට හිරිහැර කළ STF සෙබළා සහ NAVY සෙබළා අත්අඩංගුවට

පුවත්

විදෙස්

පෞද්ගලික බසයක දී දැරියකට ලිංගික හිරිහැර සිදුකළේ යැයි සැකපිට පොලිස් කොස්තාපල්වරයකු සහ හිටපු නාවික හමුදා සෙබළකු අත්අඩංගුවට ගත් බව ජා-ඇල පොලිසිය පවසයි.

බසයේ ගමන්ගත් 16 හැවිරිදි දැරියකට ඔවුන් දෙදෙනා අතවර කළ බවට පැමිණිල්ලක් ලැබී තිබේ.

මෙලෙස අත්අඩංගුවට ගත් පොලිස් කොස්තාපල්වරයා, පොලිස් විශේෂ කාර්ය බළකායේ කළුබෝවිල කඳවුරට අනුයුක්තව සේවය කරන්නෙකි. අත්අඩංගුවට ගත් හිටපු නාවික හමුදා සෙබළා මාතලේ පදිංචි 52 හැවිරිදි අයකු බව ද පොලිසිය සඳහන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles