spot_img

සිවිල් වැරදිකරුවන් රිමාන්ඩ් නොකර, නිවාස අඩස්සියේ තැබීමට රජය සැරසෙයි

පුවත්

විදෙස්

ඇප පනත සංශෝධනය කරමින් සිවිල් වැරදිකරුවන් රිමාන්ඩ් කිරීම වෙනුවට ඔවුන් නිවාස අඩස්සියේ තැබීම කෙරෙහි රජයේ අවධානය යොමුව ඇති බව අධිකරණ සහ බන්ධනාගාර කටයුතු රාජ්‍ය අමාත්‍ය අනුරාධ ජයරත්න පවසයි.

ඔහු මේ බව කියා සිටියේ බ්‍රහස්පතින්දා (10) ජනාධිපති මාධ්‍ය ඒකකයේ පැවැති රැස්වීමක දී ය.

බන්ධනාගාරවල ඉඩකඩ සීමා සහිත වීම නිසා මේ සම්බන්ධ අවධානය යොමුව ඇත. ශ්‍රී ලංකාවේ බන්ධනාගාරවල ඉඩ ඇත්තේ 13,000ක පිරිසක් රඳවා ගැනීමට පමණක් වුව ද මේ වනවිට 29,0000ක පිරිසක් රඳවා සිටින බව ද රාජ්‍ය අමාත්‍යවරයා කීවේය. දැනට රඳවා ඇති පුද්ගලයන්ගෙන් 50%ක් ම මත්ද්‍රව්‍ය සම්බන්ධ වැරදිවලට බන්ධනාගාරගත වූවන් බව ද වාර්තා වේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles