spot_img
spot_imgspot_img

ආසාත්මිකතා ඇති වී සිදු වූ මරණවලට හේතුව දේශීයව නිෂ්පාදිත එන්නත් ද ?

පුවත්

විදෙස්

පසුගිය දා මහත් ආන්දෝලනයට තුඩුදුන් ඖෂධ ආසාත්මිකතා නිසා සිදුවූවා යැය කියූ මරණ සම්බන්ධයෙන් මරණ දෙකක් සිදුව ඇත්තේ ඖෂධ ආසාත්මිකතා හේතුවෙන් බව මහාචාර්ය චන්දිම ජීවන්දර අද (10) මාධ්‍ය හමුවේ කීවේය.

ඔහු වැඩිදුරටත් පවසන්නේ මෙම මරණ සදහා හේතු වූ ඖෂධ කාණ්ඩ තුනක් සම්බන්ධයෙන් අවධානය යොමුකළ බවයි. එහි දී ගැටලුකාරී තත්වයක් ඇති වී තිබෙන්නේ ශ්‍රී ලංකාවේ නිෂ්පාදිත “කොඇමොක්සික්ලේව්” වර්ගයේ ඖෂධ කාණ්ඩයකින් බවයි.

මහාචාර්යවරයා පවසන්නේ මෙම මරණවලට හේතුවූවා යැයි සැකකෙරුණු සෙප්ට්‍රියොක්සෝන් කැබී නමැති ජර්මනියේ නිෂ්පාදිත ඖෂධ කාණ්ඩයක් සහ කර්ණාටකයේ නිෂ්පාදිත කාණ්ඩයක් කෙරෙහි අවධානය යොමු කළ බවයි. එම ඖෂධ කාණ්ඩවල තත්ව පරීක්ෂණයක් සිදුකළ බවත් නමුත් ඒ දෙකෙහිම ගැටලුවක් නොමැති බවත් මහාචාර්ය ජීවන්දර වැඩිදුරටත් කියා සිටියේය.

ජර්මනියේ නිෂ්පාදිත ඖෂධයේ කිසිම ගැටලුවක් වාර්තා වී නැති බවත් ඉන්දියාවේ කර්ණාටකයේ නිෂ්පාදිත ඖෂධය ද මෙරට රෝහල්වල විශාල වශයෙන් භාවිතයට ගෙන ඇති අතර තත්ව පරීක්ෂණයකට ලක්කර ඇති බවත් විද්වත් කමිටුව පවසයි.

එහි දී ඔවුන් පෙන්වා දෙන්නේ 2023 වර්ෂයේ දී පමණක් ඉන්දියාවේ නිෂ්පාදිත ඖෂධයේ මාත්‍රා ලක්ෂ 04ක් පමණ රෝහල්වෙත සපයා ඇතත් කිසිම ගැටලුකාරී තත්වයක් මතුව නැති බවයි.

ඖෂධ ආසාත්මිකතාවක් හේතුවෙන් මියගිය එක් අයකුට ලබා දී ඇත්තේ කොඇමොක්සික්ලේව් නමැති ඖෂධය බවත් එය මුඛයෙන් ගිලින පෙති ලෙස ලබා දී රෝගියා රෝහලට රැගෙන ආ පසු එනනතක් ලෙස ලබා දී තිබේ. මෙම ඖෂධයේ තත්ව පරීක්ෂණ ඊට පෙර සිදුකර තිබූ බව ද එහි දී එම රෝගියාට ලබාදුන් ඖෂධ කාණ්ඩය හැර වෙනත් කාණ්ඩයක ගැටලුවක් මතු වී ඇති බව ද ‍මහාචාර්යවරයා පවසයි. රෝගියාගේ මරණයට හේතු වූ බවට සැකකරන ඖෂධ කාණ්ඩය සම්බන්ධයෙන් තත්ව පරීක්ෂණ වාර්තා ඉදිරියේ දි ලැබෙන ඇතැයි ද ඔහු කියා සිටියේය.

ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ මහාචාර්ය චන්දිම ජීවන්දර ඇතුළුව ඖෂධ ආසාත්මිකතා හේතුවෙන් වාර්තා වූ මරණ ගැන සෙවීමට පත්කළ කමිටුව පවසන්නේ මරණ දෙකක් සිදුව ඇත්තේ ඖෂධ ආසාත්මිකතා හේතුවෙන් බවයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!