spot_img
spot_imgspot_img

හිරදඬුවම් විඳින බෞද්ධ භික්ෂූන් ඇතුළු පූජකයනගේ පැටිකිරිය මෙන්න

පුවත්

විදෙස්

මිනී මැරුම්, කාන්තාවන අපයෝජනය කිරීම, නිදන් හෑරීම සහ මුදල් අපචාර සම්බන්ධයෙන් චෝදනා එල්ල වූ ආගමික පූජකවරුන් 56 දෙනකු බන්ධනාගාරවල  සිටින බව බන්ධනාගාර කටයුතු සහ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ රාජ්‍ය අමාත්‍ය නීතිඥ අනුරාධ ජයරත්න අද (08) පාර්ලිමේන්තුවේ දී කීවේය.

ඔහු මේ බව කියා සිටියේ මාතර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ඩලස් අලහප්පෙරුම නැගූ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.

මේ අතරින් 34 දෙනකු එම චෝදනාවලට වරදකරුවන් වී සිරදඬුවම් විඳින බවත් ඒ අතරින් 29 දෙනකු ම බෞද්ධ භික්ෂූන් ලෙස සිටිමින් අදාල චෝදනාවලට වරදකරුවන් වී ඇති බවත් හෙතෙම වැඩිදුරටත් සඳහන් කළේය.

හින්දු පූජකවරුන් තිදෙනකු, සහ ඉස්ලාම් පූජකවරුන් දෙදෙනකු ද මේ වනවිට දඬුවම් විඳින බවත්, ආගමික පූජකයන් 21 දෙනකු දැනට සැකකරුවන් ලෙස රිමාන්ඩ්කර සිටින බව ද අමාත්‍යවරයා සඳහන් කළේය. සැකකාර පූජකවරුන් 21 දෙනා අතරින් 19 දෙනකු ම බෞද්ධ භික්ෂූන් වහන්සේලාය. අනෙක් දෙදෙනාගෙන් එක් අයකු කතෝලික පූජකයකු වන අතර අනෙක් තැනැත්තා ඉස්ලාම් පූජකයෙකි.

අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ළමා අපචාර සම්බන්ධයෙන් චෝදනා ලැබූු බෞද්ධ භික්ෂූන් 20 දෙනකු මේ වනවිට බන්ධනාගාරගතව දඬුවම් විඳින බවයි. සැකකරුවන් අතර ද ළමා අපචාර චෝදනා ලැබූ බෞද්ධ භික්ෂූන් 04 දෙනකු සහ හින්දු පූජවකරයකු සිටින බව අමාත්‍යවරයා පාර්ලිමේන්තුවේ දී කීවේය.

කාන්තාවන්ට අතවර කිරීමේ චෝදනා ලැබූ බෞද්ධ භික්ෂූන් පස්දෙනකු මේ වනවිට බන්ධනාගාරයේ දඬුවම් විඳින අතර සැකකාර තවත් භික්ෂුවක් ද එවැනිම චෝදනාවකට රිමාන්ඩ් කර සිටියි.

මුදල් වංචා සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂූන්  දෙදෙනකු  සහ හින්දු පූජක වරයකු   සිර දඬුවම් විඳින බව පවසන රාජ්‍ය අමාත්‍යවරයා නිධන් හෑරීම සම්බන්ධයෙන් බෞද්ධ භික්ෂූන් තිදෙනකු දඬුවම් විඳින බවද  ප්‍රකාශ කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!