1 C
New York

තවත් කොරෝනා ප්‍රබේදයක් වේගයෙන් පැතිරෙයි

Published:

කොරෝනා වයිරසයේ නව ප්‍රබේදයක් එක්සත් රාජධානියේ වේගයෙන් ව්‍යාප්ත වෙමින් පවතින බව එක්සත් රාජධානි සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සිය අනතුරු අඟවා තිබේ.

මෙම නව වයිරස ප්‍රබේදය එරිස් ((Eris) ලෙස නම්කර ඇති අතර  ඔමික්‍රෝන් ප්‍රබේදයෙන් වර්ධනය වූ වයිරසයක් ලෙස විද්‍යාඥයෝ කියති. එය EG 5.1 ලෙස වර්ගීකරණය කර ඇත.

පසුගිය ජූලි මාසයේ දී මේ වයිරසය මුල්වරට වාර්තා වූ අතර අගෝස්තු 03 වැනි දා වනවිට බ්‍රිතාන්‍යයෙන් කොරෝනා ආසාදිතයන් අඛණ්ඩය ඉහළ යමින් පවතින බව සෞඛ්‍ය අංශ පවසයි.

ඔමික්‍රොන් ප්‍රභේදයක් වන Eris හි වඩාත් සුලභ රෝග ලක්ෂණ පහ වන්නේ නාසයෙන් දියර ගැලීම, හිසරදය, තෙහෙට්ටුව, කිවිසුම් යෑම සහ උගුරේ අමාරුවයි.

සෞඛ්‍ය ආරක්ෂක ඒජන්සියේ “Respiratory DataMart” පද්ධතිය හරහා වාර්තා කර ඇති සාම්පල පරීක්ෂණ 4,396 න් 5.4% ක්ම මේ වන විට කොවිඩ් -19 ලෙස හඳුනාගෙන ඇත.

එය ඉක්මනින් ව්‍යාප්ත වන බව පෙනෙන අතර මෑතදී රෝගීන් සහ රෝහල්ගතවීම් ඉහළ යෑමට එය එක් හේතුවක් බව පැවැසේ.

මේ සම්බන්ධයෙන් අදහස් දක්වන ලෝක සෞඛ්‍ය සංවිධානයේ අධ්‍යක්ෂ ජනරාල් ටෙඩ්‍රොස් අද්නාම් ගෙබ්‍රෙයිසස් පවසා ඇත්තේ එන්නත් ලබා දීම සහ ස්වභාවික ප්‍රතිශක්තීකරණයේ ආරක්ෂාව ලැබී ඇතත් මේ අවදානම අත් නොහැරිය යුතු බවයි.

Related articles

Recent articles

spot_img