0.4 C
New York

පාසල් දැරියක් සමඟ ආ කොස්තාපල්ට කළුතර හෝටලයක නවාතැන් දීලා

Published:

වයස අවුරුදු 14ක බාලවයස්කාර දැරියක අපයෝජනය කිරීම සඳහා පොලිස් නිලධාරියකුට කාමර පහසුකම් සැපයූ හෝටල් කළමනාකරුවකු සහ පිළිගැනීමේ නිලධාරියා අත්අඩංගුවට ගත් බව කළුතර ළමා හා කාන්තා කාර්යාංශය පවසයි.

මෙලෙස අත්අඩංගුවට ගෙන ඇත්තේ අගලවත්ත ප්‍රදේශයේ හෝටලයක දෙදෙනකි.

වයස අවුරුදු 14ක් වන පාසල් දැරියට අතවර කිරීම සඳහා මතුගම පොලිසියේ රථවාහන අංශයේ කොස්තාපල්වරයකු එම දැරිය අවස්ථා තුනක් ම මෙම හෝටලයට ගෙන ගිය බව අතවරයට පත් දැරිය පවසා තිබේ. එම සැකකාර කොස්තාපල්වරයාගෙන් ප්‍රශ්න කිරීමේ දී එම හෝටලය අනාවරණය කරගනෙ ඇත.

Related articles

Recent articles

spot_img