spot_img

ඉන්දීය ජාතිකයන් පිරිසක් පිළිස්සුම් තුවාල සහිතව කළුබෝවිල රෝහලට

පුවත්

විදෙස්

පිළිස්සුම් තුවාල සහිත ඉන්දීය ජාතිකයන් 07 දෙනකු කළුබෝවිල රෝහලට ඇතුළත් වී සිටින බව පොලිසිය පවසයි.

ඔවුන් 07 දෙනා කැස්බෑව, දියගම පාරේ පුද්ගලික කර්මාන්තශාලාවක සේවය කර ඇති බව අනාවරණය වී ඇත. එහි යකඩ උණුකරන බොයිලේරුවකින් ගිනියම් වූ යකඩ කැබලි පිටතට විසිවීමෙන් තුවාල ලැබූ බව ඔවුන් පවසා තිබේ.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් කැස්බෑව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles