spot_img
spot_imgspot_img

සේවය අත්හිටවූ වෛද්‍යවරයා දරුවකුගේ පශ්චාත් මරණ පරීක්ෂණය කළේ කෙසේදැයි සොයා පරීක්ෂණයක්

පුවත්

විදෙස්

සේවය අත්හිටුවා තිබිය දී තවදුරටත් රාජකාරී කටයුතුවල නිරත වූ කොළඹ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් සම්බන්ධයෙන් විනය පියවර ගන්නා ලෙස රාජ්‍ය සේවා කොමිෂමට දන්වා ඇති බව සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල් වෛද්‍ය අසේල ගුණවර්ධන පවසයි.

දිනේෂ් ෂාෆ්ටර්ගේ මරණය සම්බන්ධයෙන් මතබේදාත්මක පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තා ඉදිරිපත් කිරීම හේතුවෙන්, ශ්‍රී ලංකා වෛද්‍ය සභාව ඔහුගේ වැඩ තහනම් කර තිබිණි. මාස 08ක වැඩ තහනමකට ලක්වීම සම්බන්ධයෙන් සඳහන් ලිපියක් ‍ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් තමන් වෙත ලැබුණු බැවින් එහි පිටපතක් ඔහු රාජාකාරී කරන ආයතනයේ ප්‍රධානිය වෙත යැවූ බවත් ඒ අනුව ඔහු රාජකාරී කටයුතුවලින් මේ දක්වා ම ඉවත්කර සිටිය යුතු බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පෙන්වා දෙයි.

එසේ වුව ද පසුගිය දා රිජ්වේ ආර්යා ළමා රෝහලේ දී වකුගඩු සැත්කමක් වැරදීමෙන් මියගිය බව කියන දරුවාගේ මරණ සම්බන්ධයෙන් පශ්චාත් මරණ පරීක්ෂණය පවත්වා‍ ඇත්තේ ද එම වෛද්‍යවරයා විසිනි. එහි දී ඔහු ලබාදුන් වාර්තාවේ දැක්වෙන්නේ එම දරුවාට තිබී ඇත්තේ එක් වකුගඩුවක්  පමණක් බවයි. නමුත් මියගිය තම දරුවාට වකුගඩු දෙකක් ඇති බව මීට පෙර කරන ලද ‍ස්කෑන් පරීක්ෂණවලින් තහවුරු වී ඇතැයි ඥාතීන් දිගින් දිගටම පවසයි. ඒ අනුව වැඩ තහනමකට ලක් වූ වෛද්‍යවරයා එම වැඩ තහනම බලාත්මක කාලයේ දී තවත් ආන්දෝලනාත්මක පශ්චාත් මරණ පරීක්ෂණ වාර්තාවක් ඉදිරිපත් කර ඇති බවත් ඔහු මෙවැනි කටයුතු කළේ කෙසේ ද යන්න සොයා බැලීමට පරීක්ෂණයක් පවත්වන බවත් සෞඛ්‍ය සේවා අධ්‍යක්ෂ ජනරාල්වරයා පවසයි.

මේ සම්බන්ධයෙන් අප වැඩ තහනමට ලක්වූ අධිකරණ වෛද්‍ය නිලධාරී රුහුල් හක් අමතා මේ ගැන විස්තර විමසූ විට ඔහු කියා සිටියේ ශ්‍රී ලංකා වෛද්‍ය සභාවෙන් තමන්ගේ සේවය අත්හිටවූ පසු තමන් සෞඛ්‍ය අමාත්‍යාංශයට කතා කර එම ගැටලුව විසඳාගත් බවයි.

1 COMMENT

  1. වෙෙද්ය සභාවෙන් අත්හිටවු පසු ඔහු තවදුරටත් වෙෙද්ය වරයකු නොවේ. වෙන කාට කතා කර හෝ ඒක හදා ගන්න බෑ. වෙෙද්ය වරයකු නොවන කෙනෙක් ව සේවයේ යෙදවීමක්.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!