spot_img

පාසල් සිසුවාගේ ගෙල කපා, බෑගය උදුරාගෙන. සිසුවාට බරපතලයි

පුවත්

විදෙස්

පාසල් සිසුවකුගේ ගෙල කපා ඔහු අත තිබූ බෑගය උදුරාගෙන ගොස් ඇතැයි මීරිගම පොලිසිය පවසයි. බරපතල තුවාල ලැබූ එම සිසුවා කොළඹ ජාතික රෝහලට ඇතුළත් කර ඇතැයි ද වාර්තා වේ.

එම සිසුවා උපකාරක පන්තියකට සහභාගී වීම සඳහා බසයකින් මීරිගමට පැමිණ දුම්රිය මාර්ගය ඔස්සේ විලේවත්ත දෙසට ගමන් කරමින් සිටිය දී මෙම සිද්ධියට මුහුණ දී ඇත.

ඔහු සමඟ තවත් සිසුවකු ගමන් කරමින් සිටි බවත් පිටුපසින් ද සිසුන් දෙදෙනකු පැමිණ ඇති බවත් පොලිසිය පවසයි. පිටුපසින් පැමිණි සිසුන් දෙදෙනා ජංගම දුරකථන දෙස බලාගෙන පැමිණ ඇති බැවින් ඔවුන් සිද්ධිය දැක නැත. අනතුරට ලක්වූ සිසුවා සහ අනෙක් සිසුවා කෑ ගසනවිට බැලූ පිටුපසින් පැමිණි සිසුන් දෙදෙනා දැ ඇත්තේ කිසියම් පුද්ගලයකු බෑගය රැගෙන පළායන ආකාරය පමණි.

සිසුවාගේ ගෙල කපා රැගෙන ගිය බෑගය ළඳු කලෑවක දමාගොස් තිබිය දී පොලිසිය විසින් සොයාගෙන තිබිණි.

මෙම ප්‍රහාරයට ගොදුරුව ඇත්තේ ගිරිඋල්ල ප්‍රදේශයේ පදිංචි සිසුවෙකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles