spot_img
spot_imgspot_img

කොළඹ රාජකීයයෝ බ්‍රැඩ්බි පළිහ දිනති

පුවත්

විදෙස්

කොළඹ රාජකීය විද්‍යාලය සහ මහනුවර ත්‍රිත්ව විද්‍යාලය අතර පැවැති බ්‍රැඩ්බි පළිහ රග්බි තරඟාවලිය 2023 ජයගැනීමට රාජකීය කණ්ඩාය ඊයේ (05) සමත් විය.

කොළඹ රාජකීය විද්‍යාලයීය ක්‍රීඩා සංකීර්ණයේ දී පැවැත්වූ මෙම දෙවැනි අදියර ලකණු 27-17ක් ලෙස ජයගත් අතර, මෙහි පළමු අදියර ජූලි මස 22 වැනි දා පල්ලේකැලේ ත්‍රිත්ව විදුහල් රග්බි ක්‍රීඩාංගණයේ දී පැවැති අතර ඉන් ලකුණු 13-10ක ජයක් ලබාගැනීමට ත්‍රිත්ව විදහල සමත්ව සිටියේය. ඒ අනුව රාජකීය කණ්ඩායම තරඟාවලිය ලකුණු 37-30ක් ලෙස ජයග්‍රහණය කළේය.

විද්‍යාල දෙක අතර බ්‍රැඩ්බි පළිහ තරඟාවලිය මෙවර පැවැත්වූයේ 77 වැනි වරටය. ඒ අනුව එම තරඟාවලිය 36 වතාවක් ජයග්‍රහණය කිරීමට රාජකීයයෝ සමත්ව ඇති අතර ත්‍රිත්ව විදුහල තවමත් ජයග්‍රහණවලින් පෙරමුණේ පසුවන්නේ තරඟාවලි ජයග්‍රහණ 39ක් හිමිකරගනිමිනි.

2015 වර්ෂයේ සිට රාජකීය විද්‍යාලය අඛණ්ඩව මෙම තරඟාවලිය ජයගනිමින් අපරාජිතව සිටියි. ඒ අතරතුර 2020 සහ 2021 වර්ෂවල දී කොරෝනා වසංගතය හේතුවෙන් තරඟාවලිය පැවැත්වූයේ නැත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!