spot_img
spot_imgspot_img

දඹුල්ල ලකුණු 10කින් ජයගනී

පුවත්

විදෙස්

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ 08 වැනි තරඟය ලකුණු 10කින් ජය ගැනීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත්විය.

ලකුණු 193ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා ගිය කලම්බු සට්‍රයිකර්ස් කණ්ඩායමට නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 04ක් දැවී ලබාගත හැකි වූයේ ලකුණු 182ක් පඹණි.

පළමුව පන්දුවට පහරදුන් දඹුල්ල අවුරා කණ්ඩායම සිය ඕවර 20 අවසන් කළේ කඩුලු 06ක් දැවී ලකුණු 192ක් වාර්තා කරමිනි. එහි දී කුසල් මෙන්ඩිස් 87ක් ලබාගත්තේ පන්දු 46කට මුහුණ දෙමින් හයේ පහර 08ක් සහ හතරේ පහර 04ක් එල්ල කරමිනි. සධීර සමරවික්‍රම හයේ පහර 01ක් සහ හතරේ පහර 07ක් එල්ල කරමින් පන්දු 35ක දී ලකුණු 59ක් රැස්කළේය.

කොළඹ කණ්ඩායම වෙනුවෙන් සාර්කම පන්දු යවන්නා වූ මතීෂ පතිරණ ලකුණු 31කට කඩුලු 03ක් දවාගත්තේය. නසීම් ෂා ලකුණු 21කට කඩුලු 02ක් හිමිකරගත්තේය.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කලම්බු ස්ට්‍රයිකර්ස් නායක නිරෝෂන් දික්වැල්ල 16ක්, බාබර් අසාම් 41ක්, පැතුම් නිස්සංක 22ක්, ධනංජය ද සිල්වා 18ක් ලබාගත් අතර නුවනිඳු ප්‍රනාන්දු ලකුණු 56ක් ලකුණු 39ක දී රැස්කරමින් නොදැවී කඩුල්ලේ රැඳී සිටි අතර අවසන් මොහොතේ පිටියට පිවිසි චාමික කරුණාරත්න පන්දු 07ක දී යේ පහර 02ක් සහ හතරේ පහරක් මඟ ලකුණු 20ක් රැස් කරමින් නොදැවී සිටිය ද ඔවුන්ට ඉලක්කයට ලකුණු 10ක් මෙපිටින් නතරවීමට සිදුවිය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!