spot_img
spot_imgspot_img

සියවස් 17ක් පැරණි ලී නැවක්, පතලකින් හමුවෙයි

පුවත්

විදෙස්

සර්බියාවේ ගල්අඟුරු පතල් කම්කරුවන් පිරිසකට අතීත රෝම අධිරාජ්‍යයේ භාවිතා කළ විශාල දැවමය යාත්‍රාවක සුන්බුන් හමුවී ඇත.

මෙම දැව කොටස් කාල නිර්ණය කිරීමෙන් එය ක්‍රිස්තු වර්ෂ 3-4 සියවස්වලට අයත් බව තහවරු වී ඇත.

බෙල්ග්‍රේඩ් නගරයේ සිට කිලෝ මීටර 50ක් පමණ නැගෙනහිරින් කොස්ටොලැක් අසළ ගල්අඟුරු පතලක මතුපිට කොටසින් මේ දැවමය යාත්‍රාව හමු වී තිබිණි.

මතුපිට සිට අඩි 25ක් පමණ පහළින් පිහිටි රොන්මඩ තට්ටුවක මේ ලී අවශේෂ තැන්පත්ව තිබී ඇත. කැණීම් යන්ත්‍රයකින් මතුපිට පස් කපා ඉවත්කිරීමෙන් පසු මෙම සුන්බුන් කැපීම් බිත්තියේ තිබී නිරීක්ෂණය වී තිබිණි.

පුරාවිද්‍යාඥයන් පවසන්නේ එවකට පැරණි රෝමානු නගරයක් ලෙස පැවති බවට විශ්වාස කරන Viminacium සහ ඩැනියුබ් අතර ජල මාර්ගයක භාණ්ඩ රැගෙන යාම සඳහා මෙම යාත්‍රාව භාවිතා කරන්නට ඇති බවයි. එම යාත්‍රාවේ කොටස් දුටු පතල්කරුවන් ඒ බව Viminacium හි පුරාවිද්‍යා භූමියේ බලධාරීන්ට දැනුම් දී ඇත.

ලී වැනි කාබනික ද්‍රව්‍ය සාමාන්‍යයෙන් වාතයට නිරාවරණය වූ විට දිරාපත් වන නමුත් ඒවාට ඉහළින් ඇති ලී පුවරු සහ වැලි තෙත් වූ බැවින් තෙතමනය පෞරාණික යාත්‍රාව ආරක්ෂා කිරීමට උපකාරී වූ බවක් පෙනෙන්නට පුරාවිද්‍යාඥයන්ගේ මතයයි. නමුත් මෙම දැව කොටස් නැවත නිරාවරණය වීමත් සමඟ හිරු එළිය එය ඉක්මණින් වියළා දීමමට ඉඩ ඇති බැවින් පුරාවිද්‍යා කැණීම් කරන අවස්ථාවේ දී පවා එම දැව සුන්බුන් නිරන්තරව ජලයෙන් තෙත් කිරීමට ද පර්යේෂකයන්ට සිදුව ඇත.

මෙම යාත්‍රාව මුලින් අඩි 65 (මීටර් 20) පමණ දිග සහ අඩි 12 (මීටර් 3.5) පමණ පළල වන්නට ඇතැයි අනුමාන කරයි. එය බත්තලක් වැනි පැතලි පතුලක් සහිත වූ අතර පුරාවිද්‍යාඥයින් සිතන්නේ එය ඩැනියුබ් සහ විමිනේසියම් අතර භාණ්ඩ ප්‍රවාහනය කිරීමට භාවිතා කළ බවයි.

“මෙය වෙර‍ළේ සිට ඇළ ඔස්සේ ඇදගෙන යන බත්තලක් වැනි යාත්‍රාවක් හෝ භාණ්ඩ පටවාගෙන හබල් මගින් ධාවනය කර ඇති බව සිතිය හැකියි. සුදුසු අවස්ථාවන්හි දී සහායක රුවල් භාවිතා කරමින් සුළඟ භාවිතයෙන් යාත්‍රා කරන්නටත් හැකියාව තිබෙන්නට ඇති” පුරාවිද්‍යාඥයන් යනුවෙන් පුරාවිද්‍යාඥයන් පවසයි.

මෙය මෙතෙක් සොයාගත් පළමු යාත්‍රා සුන්බුන් නොවේ. 2020 වර්ෂයේ දී ද මේ ප්‍රදේශයෙන් මේ හා සමාන යාත්‍රාවල නටබුන් සොයා ගන්නා ලදී, එයින් පෙන්නුම් කරන්නේ කලාපය කලක් අසල පිහිටි ඩැනියුබ් හි යාත්‍රා කළ හැකි පසුබිමක් වූ බවයි.

Viminacium යනු ඒකාබද්ධ රෝමානු ජනාවාස සහ හමුදා බලකොටුවක් වූ අතර ක්‍රි.ව. 87 න් පසු එය රෝමානු අධිරාජ්‍යයේ ඉහළ Moesia (Moesia Superior) ප්‍රදේශයේ අගනුවර විය .

එය වැදගත් වෙළඳ මධ්‍යස්ථානයක් වූ අතර රෝම සංස්කෘතියේ කලාපීය මධ්‍යස්ථානයක් විය. පුරාවිද්යාඥයන් තම පර්යේෂණ අනුව පවසන්නේ Viminacium හි ජනගහනය 45,000 ක් දක්වා වූ අතර එය එකල බෝල්කන්හි විශාලතම ජනාවාස වලින් එකක් බවට පත් විය. 

රෝමානු හමුදා කිහිපයක් එහි බලකොටුව මත පදනම් වූ අතර උතුරේ ජනතාව රෝමවරුන් සමඟ කුප්‍රකට සටන්කාමී වූහ.

නමුත් යුරෝපයේ බොහෝ ප්‍රදේශවල රෝම පාලනය අවසන් කළ හුන්වරුන් විසින් ක්‍රිස්තු වර්ෂ 411 දී නගරය සහ බලකොටුව විනාශ කරන ලදී . Viminacium හයවන සියවසේ මුල් භාගයේදී බයිසැන්තියානු අධිරාජ්‍යයා වූ ජස්ටිනියන් අධිරාජ්‍යයා විසින් නැවත ගොඩනඟන ලද නමුත් ක්‍රිස්තු වර්ෂ 582 දී යුරේසියානු සිට සිදු වූ ආක්‍රමණයෙන් එය නැවත විනාශ විය.

Viminacium හි නටබුන් 19 වන සියවසේදී සොයා ගන්නා ලද අතර, එය දැන් සර්බියාවේ වඩාත්ම වැදගත් රෝමානු අධිරාජ්‍යයේ නටඹුන් දැකිය හැකි ස්ථාන වලින් එකකි, නමුත් කැණීම් කර ඇත්තේ එයින් කුඩා ප්‍රතිශතයක් පමණක් යැයි ගණන් බලා ඇත.

රිදී සහ රත්‍රංවලින් සාදන ලද සිය ගණන් උපකරණ, සොහොන් කොත්, පුරාණ ගාඩනැගිලි, මාළිගා, දේවස්ථාන, මාර්ග, බළකොටු ඇතුළු දහස් ගණනක් පුරාවිද්‍යාත්මක නෂ්ඨාවශේෂ සොයාගෙන ඇත.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!