spot_img
spot_imgspot_img

“අප්පච්චි, අඬන්න එපා මං හොඳින්” යැයි කී පුතා සදහටම දෑස් පියාගනී. අනතුරේ වීඩියෝ සහිතයි

පුවත්

විදෙස්

“අප්පච්චී අඬන්න එපා, මම හොඳින් ඉන්නවා” කියපු මගේ පුතා දැන් මියගිහින්. මේ දරුවා කොයිතරම් වේදනාවක් දරාගෙනන ද මට එහෙම කියන්න ඇත්තේ ? යැයි මාතර නූපේ ප්‍රදේශයේ දී සිදු වූ රිය අනතුරකින මියගිය වයස අවුරුදු 06 දරුවකුගේ මරණ පරීක්ෂණයේ දී සාක්ෂි දෙමින් ඔහුගේ පියා කියා සිටියේය.

මෙලෙස මියගොස් තිබුණේ සෙසඳු සවේන් ලොකුලියනගේ නමැති මාතර, වැවහමන්දූව, පොත්තුඩුවේ පදිංචිව සිටි වයස අවුරුදු 06ක පිරිමි දරුවෙකි.

මෙම මරණය සම්බන්ධ හදිසි මරණ පරීක්ෂණය අගෝස්තු 01 වැනි දා ගාල්ල කරාපිටිය ශික්ෂණ රෝහලේ දී නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ විසින් පවත්වන ලදී.

එහි දී සක්ෂි දුන් පියා, චන්දන ලොකුලියනගේ (47) මෙසේ ද කීවේය.

“මියගොස් සිටින්නේ මගේ එකම දරුවා අපි විවාහ වෙලා අවුරුදු 08ක් වනතුරු දරුවන් ලැබුණේ නැහැ. වෛද්‍ය ප්‍රතිකාර ගොඩක් ලබාගත්තට පස්සේ තමයි මේ දරුවා ලැබුණේ. මගේ පුතා ඉතාමත් න‍ිරෝගීව හොඳින් හිටියා. පුතා මාතර ඩී.එස්.සේනානායක කණිෂ්ට විද්‍යාලයේ 01 වැනි ශ්‍රේණියේ ඉගෙනගත්තා. පසුගිය 30 වැනි දා සවස මමත්,බිරිඳත් පුතා සමඟ එළවළු මිල දී ගැනීමට ගොඩගමට යන්න ආවා. ඒ වෙලාවේ අධිවේගී පිවිසුම් මාර්ගයේ ගොඩගම හන්දිය ආසන්නයේ දී වෑන් රථයක් පාරේ අනිත්පැත්තේ අපට ඉදිරියෙන් ඇවිත් එකපාරටම පාරේ මැද ඇති බැම්ම පැනලා අපේ යතුරුපැදිය කෙලින් ඉදිරියට ඇවිත් වේගයෙන් අපේ යතුරුපැදියේ හැපුණා. මම දන්නේ එච්චරයි. කවුරුන් හරි මාව වාහනයකට පටවාගන්නවා දැණුනා.  මට සිහිය නැතිවුණා. රෝහලට යන අතරමග දී මට සිහිය ආවා. අපේ පුතා මගේ ගාව හිටියා. ‘අප්පච්චී අඩන්න එපා මට මොකුත් වෙලා නෑ’ කියලා පුතා කිව්වා. අපි දෙන්නව මාතර රෝහලට ඇතුළත් කළා. වෙනත් වාහනයකින් බිරිඳත් ගෙනල්ලා තිබුණා. නෝනාගේ කකුල් දෙකම කැඩිලා.මගේ දකුණු කකුල දණහිසෙන් පහළ කැඩිලා. මාතර රෝහලේ දී පැය තුනක් විතර ප්‍රතිකාර කරලා පුතාව කරාපිටිය රෝහලට යැව්වා අද (01) උදේ මගේ මල්ලී කිව්වා පුතාට ටිකක් අමාරුයිි බලන්න යමු කියලා. රෝහලට එන අතරතුර දී මට දැනගන්න ලැබුණා ළමා දැඩි සත්කාර ඒකකයේ ප්‍රතිකාර ලබමින් සිටිය දී පුතා මියගිහින් කියලා. අනතුර නිසා මේ මරණය සිදු වූ බව විශ්වාසයි.”

මෙම අනතුර සිදුකළ වෑන් රථයේ රියදුරු අත්අඩංගුවට ගැනීමට පොලිසිය මේ දක්වා ම සමත් වී නැත. පොලිසිය පවසන්නේ වෑන් රථ‍ය පැදවූයේ කවුරුන්ද යන්න සොයාගෙන ඇතත් ඔහු ප්‍රදේශයෙන් පළාගොස් ඇති බවයි.

එම රථයේ රියදුරා වහාම අත්අඩංගුවට ගෙන තමන් වෙත ඉදිරිපත් කරන ලෙසත් ඉන් පසු මහේස්ත්‍රාත් අධිකරණයකට ඉදිරිපත් කළ යුතු බවත් හදිසි මරණ පරීක්ෂක චන්ද්‍රසේන ලොකුගේ පොලිසියට නියෝග කළේය.

පශ්චාත් මරණ පරීක්ෂණය පැවැත්වූ අධිකරණ ද්‍යෛ නිලධාරී එච්.ඩී.වීරරත්නගේ නිර්දේශ සහ ඉදිරිපත් වූ සාක්ෂි අනුව මෙම මරණය සිදුව ඇත්තේ රිය අනතුර හේතුවෙන් පපු ප්‍රදේශයට සිදුවූ තුවාල නිසා මරණය සිදුව ඇති බව ගාල්ල නාගරික අතිරේක හදිසි මරණ පරීක්ෂක චන්දසේන ලොකුගේ තීරණය කළේය.

එම අනතුර සිදුව ආකාරහ දැක්වෙන දර්ශන පහතින්

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!