spot_img
spot_imgspot_img

ජැෆ්නා පරදා, දඹුල්ල පහසු ජයක් ලබයි

පුවත්

විදෙස්

ලංකා ප්‍රිමියර් ලීග් තරඟාවලියේ සිව්වැනි තරඟය ලෙස දඹුල්ල අවුරා කණ්ඩායම සහ ජැෆ්නා කිංගිස් කණ්ඩායම අතර පැවැති තරඟනේ කඩුලු 08ක ජයක් වාර්තා කිරීමට දඹුල්ල අවුරා කණ්ඩායම සමත්විය.

ජයග්‍රහණය සඳහා ලකුණු 130ක ඉලක්කයක් කරා ගිය ඔවුන් පන්දුවාර 16.2ක දී සිය ඉලක්කය සම්පූර්ණ කළේය.

තරඟයේ කාසියේ වාසිය දිනාගත් ජැෆ්නා කණ්ඩායම මුලින්ම පන්දුවට පරහදීමට තීරණය කළ ද ඔවුන්ට පන්දුවා 20 අවසානයේ කඩුලු 07ක් දැවී රැස්කරගත හැකිවූයේ ලකුණු 12ක් පමණි. මෙම තරඟයේ විශේෂත්වයක් වූයේ පළමු ඕවයර යැවූ බිනුර ප්‍රනාන්දු කිසිදු ලකුණක් ලබා නොදීමයි.

චරිත් අසලංක හුදකලා සටනක නිරත වෙමින් පන්දු 52ක දී ලකුණු 56ක් රැස්කළ අතර ඊට හයේ පහර 01ක් සහ හතරේ පහර 05ක් ඇතුළත් කර තිබිණි.

පිළිතුරු ඉනිම ක්‍රීඩාකළ දඹුල්ල කණ්ඩායමේ නායක කුසල් මෙන්ඩිස් සමඟ ඉනිම ආරම්භ කළ අවිශ්ක ප්‍රනාන්දු පළමු කඩුල්ල වෙනුවෙන් පන්දු 49ක දී ලකුණු 76ක ආරම්භයක් ලබාගත්තේ දඹුල්ලේ ජයග්‍රහණය පහසු කරමිනි. කුසල් මෙන්ඩිසි ලකුණු 29ක් ලබාගත් අතර පන්දු 32කට මුහුණ දුන් අවිශ්ක හයේ පහර 03ක් සහ හතරේ පහර 06ක් එල්ල කරමින් ලකුණු 52ක් රැස්කළේය. කුසල් පෙරේරා ද පන්දු 22ක දී හයේ පහර 02ක් සහ හතරේ පහර 03ක් එල්ල කරමින් නොදැවී ලකුණු 34ක් රැස්කරමින් දඹුල්ල අවුරා කණ්ඩාය‍මේ ජයග්‍රහණය ඉක්මන් කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!