spot_img
spot_imgspot_img

ජපානයේ ගං ඉවුරකින්, වසර ලක්ෂ 104ක් පැරණි වනාන්තරයක් හමුවෙයි

පුවත්

විදෙස්

ජපානයේ ගං ඉවුරකින් වසර ලක්ෂ 104ක් පමණ පැරණි වනාන්තරයක් හමු වූ බව පර්යේෂකයෝ පිරිසක් අනාවරණය කරති.

මෙම වනාන්තරයේ දැනට හඳුනාගෙන ඇති ශාක වැස්මෙන් 95%ක් ම එකම ශාක විශේෂයකට අයත් බවත් ඔවුහු සනාථ කර ඇත.

මෙම වනාන්තරය දැන් දක්නට ඇත්තේ ෆොසිල ආකාරයෙනි. වසර මිලියන 10.4ක් හෙවත් වසර ලක්ෂ 104 සිට වසර මිලියන 05ක් හෙවත් ලක්ෂ 50ක් දක්වා කාලයේ පැවති වනාන්තරයක කොටස් මෙලෙස ගං ඉවුරේ ෆොසිල ආකාරයෙන් ඉතාමත් හොඳින් ආරක්ෂා වී තිබබී ඇත.

මෙම ෆොසිල වනාන්තරය හමු වී ඇත්තේ ජපානයෝ නගෝයා නගරයට ඊසාන දිගින් පිහිටා ඇති කිසෝ ග‍ංඟාවේ ඉවුරෙනි.

1994 වර්ෂයේ දී දරුණු නියගයක් පැවති කාලයේ දී ෆොසිලකරණය වූ ගස් කඳන් 400ක් පමණ ජලයෙන් මතුවීම තිබීමෙන් මේ පැරණි වනාන්තරය මුල් වරට දැකගත හැකි වී තිබිණි. එම ශාක කඳන් නැවත ජලයෙන් යට වුව ද පර්යේෂකයන්ට ඉන් 137ක් සහ ෆොසිල බවට පත් තිබූ ශාක පත්‍ර රැසක් අධ්‍යයනයන් සඳහා ලබාගැනීමට හැකි විය.

පොසිල කළ ගස් කඳක නියෝජිත රූපය. (David Johnson/iStock/Getty Images Plus)

ෆොසිල ලෙස සොයාගන්නා සතුන් මෙන් නොව ශාකයක එක් කොටසක්, බීජයක්, පත්‍රයක් හෝ පලතුරක් හෝ වේවා එවැනි එක් කොටසකින් ශාකයක් හඳුනාගැනීම හෝ නම් කිරීම පහසු කාර්යයක් නොවේ. මේ කොටස් එකිනෙක වෙන් වන්නේ විවිධ කාලවල දී බැවින් එකම අවස්ථාවක දී ෆොසිල ලෙස හඳුනාගැනීම ද අපහසු කාර්යයකි.

ශාක ෆොසිල අධ්‍යයනයේ දී විද්‍යාඥයන් මේ සියලු කොටස්වලට විවිධ විද්‍යාත්මක නම් ලබාදෙයි. ඇතැම් විට එක ම ශාකයක් කොටස් වුව ද නම් කරන්නේ ශාක කිහිපයක් ලෙසිනි. ෆොසිල වූ ශාක කොටස් අධ්‍යයනය කර ඒවා එකම ශාකයක කොටස් දැයි හඳුනාගැනීමට නොහැකිවීම ඊට හේතුවයි.

මෙම ෆොසිල වනාන්තරය දුර්ලභ අවස්ථාවක් පෙන්වයි. මෙහි ඇති ෆොසිල කඳන් සහ ෆොසිල පත්‍ර පරීක්ෂා කිරීමේ දී එහි එකම ශාකයක් ආධිපත්‍යය දැරූ බව සනාථ වී ඇත. කොටස් 137කින් 130ක් ම එකම විශේෂයට අයත්වීමෙන් ඒ බව තහවරු වෙයි.

හොක්කයිඩෝ විශ්වවිද්‍යාලයේ ප්‍රධාන පර්යේෂක Toshihiro Yamada පවසන්නේ මේ ශාක විශේෂයට “Wataria parvipora” ලෙස නම් තැබූ බවයි. Wataria යන්නෙහි අර්ථය දැවමය ෆොසිලය යන්නයි. parvipora  යනු ශාකය වර්ධනය වීමේ දී ඇතිවන වාර්ෂික වලයන් බහුල යන්නයි.

වටරියා පර්විපෝරා වාර්ෂික වළලු පෙන්වයි

“මේ වනාන්තර කොටස මීටර් 2,000  පමණ ප්‍රදේශයක පැතිරී තිබෙනවා. හමුවූ ෆොසිල කඳන් සහ ෆොසිල පත්‍ර එකම ආකාරයක් ගන්නා නිසා අපිට කිව හැකියි ප්‍රධාන වශයෙන් ම මේ විශේෂයේ වනාන්තරයක් අපි සොයාගත් බව. මේ පත්‍ර ෆොසිල දැනට හඳුනාගෙන ඇති පත්‍ර ෆොසිල විශේෂයක් වන Byttneriophyllum tiliifolium  ලෙස හඳුනාගෙන තිබේ. එය වර්තමානයේ දක්නට ලැබෙන කපු, කොකෝවා සහ බණ්ඩක්කා වැනි නවීන ශාකවලට සම්බන්ධ වෙනවා.”  යනුවෙන් Toshihiro Yamada පවසයි.

Byttneriophyllum tiliifolium ෆොසිල පත්‍රයේ මතුපිට පෙනුම 

(Nishino et al., 
විද්‍යාත්මක වාර්තා , 2023)

පර්යේෂකයන් පවසන්නේ සොයාගත් විශාලතම පොසිල ක‍ඳෙහි විශ්කම්භය සෙන්ටිමීටර 137කි. පර්යේෂකයන් පවසන්නේ මෙම පත්‍රය හා බොහෝ සෙයින් සමාන ෆොසිල පත්‍ර යුරේසියාව පුරා මයෝසීන් සහ ප්ලියෝසීන් යුගවලට අයත් බව සොයාගෙන තිබෙන බවයි. නමුත් එම පත්‍ර කවර ශාක කඳක ද යන්න තහවරු කරගෙන නැත.

“මෙම ස්ථානයේ තිබී සොයාගත් පොසිල කොළ වලින් 98%ක් ම Byttneriophyllum වලට අයත් බව අපට පෙනී ගියා. කොහොම වුණත් අපිට ස්ථිරව ම කිව හැකියි මේ ශාක පත්‍ර වනාන්තරයේ බිම ඇතිරී තිබූ ඒවා බව. එම පත්‍ර එලෙසින් ම ෆොසිල බවට පත්වෙලා.” යැයි ද පර්යේෂකයෝ කියති.  

සම්පූර්ණ පර්යේෂණ වාර්තාව මෙතැනින් – https://www.nature.com/articles/s41598-023-37211-z

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!