spot_img
spot_imgspot_img

OIC මරාදමන බව කී සැකකරුට පොලිසියෙන් වරප්‍රසාද. මහේස්ත්‍රාත් පොලිසියට දොස් කියයි

පුවත්

විදෙස්

රාජාංගනය පොලිසියේ ස්ථානාධිපතිවරයාට මරණීය තර්ජනය කරමින් රාජකාරියට බාධාවන ආකාරයෙන් කටයුතු කළ කෝටිපති ව්‍යාපාරික නන්දික විරංජිත් තාඹුගල නමැත්තාට පොලිසිය සහය දී ඇතැයි කියමින් නොච්චියාගම මහේස්ත්‍රාත්වරයා අද (26) පොලිස් නිලධාරීන් දැඩි දෝෂ දර්ශනයට ලක්කළේය.

අවුරා ලංකා සමාගමේ සභාපති තාඹුගල විසින් පොලිස් ස්ථානාධිපතිවරයාට බැන මරණීයතර්ජන කරමින් රාජකාරියට බාධා කිරීම සම්බන්ධයෙන් පොලිසිය මහේස්ත්‍රාත් අධිිකරණයට අද බී වාර්තාවක් මගගින් කරුණු වාර්තා කළ අවස්ථාවේ දී ම නීතිඥවරිය කමාර්ගයෙන් අදාල සැකකරු අධිකරණයට බාර වූයේය.

මෙම සැකකරු අත්අඩංගුවට ගැනීමට අවකාශ තිබිය දී එලෙස අත්අඩංගුවට නොගෙන නීතිඥවරියක මාර්ගයෙන් අධිකරණයට බාර වීමට ඉඩ ලබාදීම සම්බන්ධයෙන් නොච්චියාගම මහේස්ත්‍රාත්වරයා පොලිසියට දැඩි ලෙස දෝෂාරෝපණය කර තිබේ.

එම සිද්ධිය සම්බන්ධයෙන් අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පොලිසිය අපේක්ෂා කරන්නේ කුමක් ද යන්න මහේස්ත්‍රාත්වරයා පොලිසියෙන් විමසූ විට පොලිස් නිලධාරීන් කිසිවක් නොකියා නිහඬව සිට ඇත.

මෙවැනි කෝටිපති ව්‍යාපාරිකයකු අත්අඩංගුවට නොගෙන නිතිඥවරියක මාර්ගයෙන් අධිකරණයට බාරවීමට පොලිසිය විසින් ලබා දී තිබූ වරප්‍රසාදය සාමාන්‍ය පුද්ගයන්ට ලබා නොදෙන්නේ ඇයිදැයි මහේස්ත්‍රාත්වරයා පෙලිසියෙන් ප්‍රශ්න කළේය.

මින් ඉදිරියට පොලිස් නිලධාරීන්ට පමණක් නොව කිසිදු රාජ්‍ය නිලධාරියකුට තම බලය අනීතික ලෙස භාවිතා කරමින් තර්ජනය කර ඇති බවට අධිකරණයට වාර්තා වුවහොත් බන්ධනගාර ගත කිරීමට කටයුතු කරන බව ද මහේස්ත්‍රාත්වරයා සැකකරුට කීවේය.

පොලිසිය ඉදිරිපත් කළ කරුණු සහ සැකකරුගේ නීතිඥවරිය ඉදිරිපත් කළ කරුණු සළකා බැලූ මහේස්ත්‍රාත්වරයා එම සැකකරු රුපියල් ලක්ෂ 05 බැගින් වූ ශරීර ඇප දෙකක් මත මුදාහැරීමට කටයුතු කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

spot_img
spot_img

Latest articles

error: Content is protected !!