spot_img

හිටපු ජනාධිපතිවරුන්ගේ වරප්‍රසාද සීමා කරයි

පුවත්

විදෙස්

ශ්‍රී ලංකාවේ හිටපු ජනාධිපතිවරුන්ට ලබා දී ඇති ඇතැම් වරප්‍රසාද ඉවත්කිරීමට ජනාධිපති කාර්යාලය තීරණය කර තිබේ.

ඒ අනුව නිල නිවාසවල විදුලිය හා ජල ගාස්තු, ජංගම දුරකථන බිල්පත් සඳහා මුදල් ගෙවීම අත්හිටුවීමට නියමිතය.

මේ සම්බන්ධයෙන් නීතිපතිවරයාගේ උපදෙස් ලබාගෙන ඇතැයි ද ඒ අනුව හිටපු ජනාධිපතිවරුන්ගේ කිසිදු බිල්පතක් ගෙවීම සඳහා ජනාධිපති ලේකම් කාර්යාලයෙන් මුදල් ප්‍රතිපාදන වෙන් නොකරන බව පසුගිය 24 වැනි දා හිටපු ජනාධිපතිවරයකුගේ ලේකම්වරයකු විසින් ඉදිරිපත් කරන ලද බිල්පත් වෙනුවෙන් දැනුම් දී ඇත.

ජනාධිපති ලේකම් කාර්යාලය පවසන්නේ ජනාධිපති චන්ද්‍රිකා කුමාරතුංගට පිරිනැමෙන වරප්‍රසාද සම්බන්ධයෙන් මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයාගේ ධූර කාලයේ දී අගවිනිසුරු සරත් එන්. ද සිල්වා ලබාදුන් තීන්දුවකට අනුව නීතිපති කාර්යාලය මෙම උපදෙස් දී ඇති බවයි.

මෙම තීරණයට අනුව හිටපු ජනාධිපතිවරුන්ට හිමිවන්නේ නිල නිවසක් සහ වාහන නඩත්තුව හා ඉන්ධන සඳහා මුදල් පමණි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here

Latest articles