4.3 C
New York

පොලිසියට කළ මරණ තර්ජනය ගැන, පොලිසිය අධිකරණයට කියයි

Published:

“අවුරා ලංකා” සැණකෙළිය දින 14ක් පුරා පවත්වා තවත් දින 06ක් දීර්ඝ කිරීම සඳහ‍ා පොලිසිය ශබ්ද විකාශන බලපත්‍ර නොදීම සම්බන්ධයෙන් කෝපයට පත් අවුරා ලංකා සමාගමේ සභාපති පොලිස් ස්ථානාධිපතිවරයාට තර්ජනය කිරීම සම්බන්ධයෙන් ඊයේ (26) පොලිසිය නොච්චියාගම මහේස්ත්‍රාත් අධිකරණයට කරුණු වාර්තා කර තිබේ

අවුරා ලංකා පුද්ගලික සමාගමේ සභාපති නන්දික විරංජිත් තාඹුගල රාජාංගනය පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක ජී.ඩබ්ලිව්.එස්.ගජසිංහට ප්‍රසංග භූමියේ රැස්ව සිටි විශාල පිරිසක් ඉදිරියේ මරණ තර්ජනය කළ බව අනුරාධපුර සහකාර පොලිස් අධිකාරී විසින් මෙලෙස අධිකරණයට දැනුම් දෙන ලදී.

එහි දී පොලිසිය අධිකරණයට දැනුම් දී ඇත්තේ අදාල ව්‍යාපාරිකයා විසින් ස්ථානාධිපතිවරයාගේ රාජකාරියට බාධා කර ඇති බවයි.

එම සිද්ධිය සම්බන්ධයේන වැඩිදුර විමර්ශන පවත්වා එම විමර්ශනවල ප්‍රගතිය අධිකරණයට වාර්තා කරන ලෙස මහේස්ත්‍රාත් නාලක බණ්ඩාර ඉලංගරත්න පොලිසියට නියෝග කළේය.

Related articles

Recent articles

spot_img